නම නොදන්නා කඳු පන්ති 11

බානු හරි ආසයිනේ අභියෝගාත්මක දේවල් ලියන්න.ඒ හින්ද මං හිතුවා මේ චාන්ස් එක ඔයාටම දෙන්න ඕනේ කියලා.පත්තරේට නඩු දානවා කිය කිය එක එක්කෙනා කිව්වට කේසර දන්නවා ඒවා ලස්සනට හැන්ඩ්ල් කරලා නවත්තගන්න.

කවදාවත් නැතුව වානි  උදේ පාන්දර එයාගේ කැබින් එකට මට කතා කළහම මම ඒත් බැලුවා ඒ මොකද කියලා. මෙච්චර දවසක් මම කරන දේවල් කිසිම දෙයක් අගය කරන්නේ නැතුව හිටපු කෙනා එකපාරටම මට භාර දෙන්න යන වැඩේ මොකක්ද කියලා මම බලාගෙන හිටියා.

කියන්න කෝ ..මොකද්ද මට කරන්න තියෙන්නේ..

ඔයා දන්නවනේ ත්‍රිකෝන ජූඩ්ව..අහලා තියෙනවා නේද..

කිව්වෙ… මේ… අර රාජ්‍ය ඇමති කෙනෙක්ගේ නෝනට වෙඩි තියලා හිරේ ගිය එක්කෙනා නේද..

දැට්ස් රයිට්. ඔය දන්නෙ…
අන්න එයා තමයි.මට පොඩි චාන්ස් එකක් හම්බවුණා එයාගේ ඉන්ටර්වීව් එකක් කරන්න. මම බොහොම අමාරුවෙන් මිනිහාව කැමති කරවගත්තේ.මං මේ ගැන කේසරට කිව්වා.කියපු ගමන් එයා නං කිව්වෙ මේ වැඩේ ඔයාට බාර දෙන්න කියලා.

මට පුදුම හිතුනා.මෙච්චර දවසක් නළු නිළියෝ ගැන ලියන්න කියලා මාව පොළඹවන්න හදපු කෙනා එකපාරටම ලංකාවෙ අපරාධකාරයෙක් ගැන ලියන්න කියන්නේ ඇයි කියලා හිතාගන්න බැරුව ගියා.මොනා වුණත් එයාට මොකක් හරි තැනකින් චාන්ස් එකක් හම්බවෙලා තියෙනවා.ඇත්තටම ඒ වගේ දේවල් වලට අපි අවස්ථාවන් කියලා කියන්නේ …පළවෙනි හේතුව ඒ වගේ පුද්ගලයෙක්ව සම්මුඛ සාකච්ඡාවට ගන්න සාමාන්‍ය කෙනෙකුට හම්බවෙන්නේ නැතිකම.දෙවෙනි අවස්ථාව තමයි ඒ වගේ කෙනෙක්ගෙ සම්මුඛ සාකච්ඡාවක් රටේ ප්‍රධාන පෙළේ පත්තරයකින් මිනිසුන්ට එළිදක්වන්න බැරිකම.ඒකට හුඟක් වෙලාවට ප්‍රධාන කර්තෘවරුන් කැමති නැහැ.

මෙහෙම යි. දැනට ත්‍රිකෝණ ජූඩ් ඉන්නේ වැලිකඩ හින්දා ඔයාට ඩිරෙක්ට් එයාව හම්බවෙන්න විදිහක් නැහැ.එයාගේ දකුණු අත වගේ එළියේ හිටපු වපර සුජීව තමයි හම්බවෙන්න වෙන්නේ.එයාගෙන් තමයි ජූඩ් ගැන අදහස් ඔක්කොම ගන්න වෙන්නේ..

එතකොට මේගොල්ලෝ කැමතියිද එයාල ගැන ලියනවට..

නෑ ඇත්තටම කැමති වුණේ නැහැ.මම බොහොම අමාරුවෙන් තමයි ඒගොල්ලන්ව කැමති කරගත්තේ.

මං හිතන්නේ වානි ..මට බොරු ලියන්න නම් බැරුව යයි. මොකද මට ඒගොල්ලෝ ගැන හොඳ කියලා දෙයක් ලියන්න නැතුව යයි..

අයියෝ..කවුද ඔයාට බොරු ලියන්න කිව්වේ.සම්පූර්ණ සහතික ඇත්ත ඒ විදිහටම ලියන්න.ඔයාට සුජී ඔක්කොම ටික විස්තර ජූඩ් ගැන කියයි.ඔයාට තියෙන්නේ ඒක හැඩ වැඩ කරලා මිනිස්සුන්ට කියවන්න හිතෙන ආස විදිහට ලියන්න..කිසිම දෙයක් වෙනස් කරලා ලියන්න යන්න එපා..

එයාලා ඒ කියන්නේ ඇත්ත විස්තරමද කියලා අපි කොහොමද දැන ගන්නේ..

මෙහෙම යි.. ඔයා ඉස්සෙල්ලා interview එක අරගන්න.ඊට පස්සේ ලිපිය ලියලා කේසරට පෙන්නන්න.ඊට පස්සේ අපි බලමු මේක පල කරන්න පුළුවන්ද බැරිද කියලා.

හරි .. මට මේ ගැන මුලින් කේසර එක්ක කතා කරන්න ඕන..

ඕකේ නෝ ප්‍රොබ්ලම්… ඔයා කේසර එක්ක කතා කරලා මට කියන්න…

මේක මගේ කතෘ ජීවිතේ මට හම්බෙන බොහොම වැදගත් අවස්ථාවක් කියන එක නම් මට තේරුණා.මේ වගේ සම්මුඛ සාකච්ඡාවක් හුඟක් වෙලාවට පිරිමි කෙනෙක් සිද්ධ කලාට ගැහැණු කෙනෙක් නම් කරලා ඇති කියලා මම හිතන්නේ නෑ.
මම මේ ගැන විස්තරය ඔක්කොටම කලින් කේසරගේන් ඇහුවේ ඇත්තටම තාමත් මට වානි ව විශ්වාස කරන්න බැරි හින්දා..

මෙහෙම යි බානු ..සමහරවිට වාණි තේරුම් ගන්න ඇති එයාගෙ වැරැද්ද.ඒ හින්දා එයත් අපි යන පැත්තට හැරෙන්න උත්සාහ කරනවා ඇති.මට එයා ඔය ගැන විස්තරය කිව්වා.ඔයාට අපි තැනක් වෙලාවක් ඔක්කොම ලෑස්ති කරලා දෙන්නම්.ත්‍රිකෝණ ජූඩ්ව නං හම්බවෙන්න බැරුව යයි.හැබැයි ඒ වෙනුවෙන් ඔක්කොම විස්තර ඔය කියන සුජීගෙන් ගන්න පුළුවන් . මං සුජී එක්ක මේ ගැන කතා කළා.ඒ වගේම ගිය සතියේ මං වෙන වැඩකට වැලිකඩට ගිය වෙලාවෙ ජූඩ්  ව හම්බවෙලා කතා කලා.මිනිහගේ ලොකු අකැමැත්තක් නැහැ.කිසිම දෙයක් බොරු ලියන්න ඕන නෑ.ඒගොල්ලන්ගෙන් ඇත්ත විස්තරය කොහොම හරි අහගෙන ඇත්ත ටික ලියන්න. එච්චරයි ..
කැම්පස් එකේ මේ දවස් වල එක්සෑම් තියෙන හින්දා මම ටිකක් බිසී වෙලා ඉන්නේ. ඔයාට සතියක් දෙකක් යනකම් පත්තරේ වැඩ ගැන ටිකක් හෙවිල්ලෙන් ඉන්න වෙයි. වානි ඉන්නවා එයා වැඩ ටික බලා ගනියි . හදිසියේ හරි මම හිටියේ නැත්නම් අනික් අය  ලියන කියන ඒවා ටිකක් බලන්න.

කේසර එහෙම කිව්වේ  මීට අවුරුදු ගානකට කලින් තෙල් බැම්ම ගාවදි හම්බ වෙලා

මගේ නෝට් වගයක් තියෙනවා මගහැරිච්ච..ලියල දෙන්න පුළුවන්ද කියලා අහපු ඒ  පුදුමාකාර අහිංසක ඇස් දෙකෙන්මයි.

ඕක ඔයාට හම්බවෙච්ච හොඳ අවස්ථාවක්.හැබැයි පරිස්සමෙන්.එහෙම කියල ඉතින් පරිස්සම් වෙන්න වෙන විශේෂ විදිහක් නම් නැතුව යයි.කොහොමත් ඉතින් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි ඕක.බෑ කියලා කියන්නත් බැහැනේ.ඔයා ඉන්නේ කොහොමත් ඔය සෙක්ෂන් එකේ නේ.
අසාද් එදා රෑ මම විස්තරේ කියනකොට කිව්වා.

අවස්ථාව නම් හොඳයි තමයි. ඒත් මට හිතෙනවා මොකක් හරි යටි අදහසක් මේකේ ඇති කියලා.ඒත් මට තවමත් ඒකෙ යටි අදහස හිතාගන්න බෑ.මට තියෙන බය ඒකයි.

මෙහෙමයි ඕක ඔයාට ගැටලුවක් වෙන එකක් නැහැ.ඔයා ඕකේ කතෘ කෙනෙක් විතරයි නේ.ඔයා ලියන ලිපියක් කේසරට පෙන්නන්නෙ නැතුව පත්තරේ පළ කරන්නත් බැහැනේ.ඔයා මොනවා ලිව්වත් කේසර අවසර දුන්නොත් විතරනේ ඔයාට පල කරන්න පුළුවන්.ඒ හින්ද ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ කේසරට තමයි.

ඔයාට බය නැද්ද අසාද් මාව මේ වගේ වැඩවලට අරින්න..

මම එහෙම ඇහුවහම මට හිතුනා අපරාදේ මම එහෙම ඇහුවේ කියලා.මං වෙනුවෙන් තව කෙනෙක් බයද නැද්ද කියලා අහන්න තරම් මම පොඩි ළමයෙක්ද කියලා මට හිතුනා.ඊටත් හිත යටින් බොළඳ පෙම්වතියක් විදිහට මම බලාපොරොත්තු වුණාද දන්නෙ නෑ අසාද්  මට එතනට යන්න එපා කියයි කියලා.එහෙමත් නැත්නම් එයාගේ අප්‍රමාණ දිරිගැන්වීම මට තේරුම් ගන්න බැරි උනාද දන්නෙත් නැහැ..

බය… එහෙම කියලා අහපු අසාද්  හිනා වුණා.

බානු ..රස්සාවක් කරනවා නම් ඒක ඒ විදිහට කරන්න ඕනේ.බැරි නම් අයින් වෙන්න ඕනේ.මම නං කියන්නේ ඒකයි.ඔයා පත්තර රස්සාව තෝරගත්තේ නළු නිළියෝ ගැන ලියන්න නම් කිසි ප්‍රශ්නයක් නෑ ඔයාට ඒ අංශයේ වැඩ කරන්න පුළුවන්.ඒ වුණාට ඔයා දැන් වැඩ කරන්නේ පත්තරේ වෙනමම  අංශයක. අපි කරන රස්සාව වුනත් කොයිතරම් භයානකයිද බලන්න.මතුපිටින් පේන කෙනෙකුට ඒක බොහොම සුන්දර දෙයක් හැටියට පේනවා ඇති.පොළොවේ යන වාහනයක් නම් කැඩුනහම තල්ලු කරලා අයිනකට හරි කරන්න පුළුවන්.ඒත් මේවා එහෙම පුළුවන්ද..කෙලින්ම ජීවිතෙන් නේද වන්දි ගෙවන්න වෙන්නේ..
බය කියන එක තියාගන්න හැම තිස්සේම වැරදි දේවල් කරද්දී හිතට ගන්න.අන්න එතනදි අපි බය වෙන්න ඕනේ.නිර්භීත වෙන්න බයවෙන්න එපා. අර කවුද කිව්වලුනේ මද්දුම බණ්ඩාර වීරයෙක් උනේ බෙල්ල කැපිච්ච හින්දා කියලා.එතකොට බෙල්ල කැපිලා මැරෙන හැමෝම වීරයෝ වෙනවද.. ඒ වගේ තමයි මේකත්.හැම තිස්සෙම වැඩ කරන්න රිස්ක් එකක්  කොහෙන් හරි තියෙනවා.ඒවට බයවෙන්න එපා..

ඇත්තටම මට අසාද් ගෙ වචන වලින් ලොකු ශක්තියක් හම්බ වුණාට  මගේ හිත යට හිටපු තාමත් අවුරුදු දහසය පුංචි කෙල්ල බලාපොරොත්තු වෙන්න ඇත්තේ
එපා එපා පිස්සු ද ඔය වගේ දේවල් වලට යන්න..කියලා කියයි වෙන්න ඇති. ඇත්තටම ප්‍රායෝගිකව බැලුවහම අසාද්  හොඳ මග පෙන්නන්නෙක් කියලා මට හිතුනා.එයා කිසිම වෙලාවක මගේ රස්සාව මගේ නිදහස මගේ ජීවිතය සීමා කරන්න උත්සාහ කරන්නේ නැහැයි කියලා මට හිතුනා.

ඔන්න බානුශ්‍රී ..හෙට ඔයාට සුජීව හම්බවෙන්න පුළුවන්. මූන්ලයිට් එකේ දි හවස හතරට . ඔයාට බය නම් මමත් එන්නම්..එහෙම කියපු කේසර මං දිහා බලාගෙන හිටියා.

මට විදුලියක් වගේ මතක් උනේ තාරු කියපු කතාව.. මොකක් හරි දෙයක් ලෑස්ති කරලා කේසර මගේ අස්සට ආපහු රිංගන්න හදන්නේ ආපහු සැරයක් මාව හිතෙන් විනාශ කරන්න වෙන්න ඇති කියලා මට බය හිතුනා. කේසර මේ විදිහට මගෙන් ඈත් වෙලා අවුරුදු ගානක් හිටියා .එතකොට මට මොකද උනේ කියලවත් අඩු තරමේ හොයලා බැලුවේ නැහැ.දැන් ආපහු සැරයක් ඕනවට වඩා ළං වෙන්න එන එකට මම ආස උනේ නෑ.

එපා ..කේසර එපා..  මං හිතනවා මට තනියම පුළුවන් වෙයි කියලා ඒක හැන්ඩ්ල් කරන්න. හෙට හවස හතරට මම ඒ වැඩේට යනවා..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles