පමා වී පිපුණු මල් 1

0
7481

අරුණලී  විවාහ මංගල කාඩ් පත් ඔප්ශන්ස් අතුරින් තම සිත් ගත් මංගල ඇරයුම් පත තෝරා එයට හිමි අංකය මංගල ඇරයුම් පත් ප්‍රින්ට් කරන ආයතනයට වට්සැප් පණිවිඩයක් ඔස්සේ දැනුම් දුන්නාය. ඒ අවසාන කොට රන් අකුරෙන් සිත්තම් වූ සුන්දර මංගල ඇරයුම් පතක් මදක් ඈතට කොට බලා එයට සිනා වුණය.

සාම්ප්‍රදායික බුලත් අත හෝ මනමාල යුවලක් හිඳින මංගල ඇරයුම් පතක් වෙනුවට අරුණලී තෝරගත්තේ රෝස මල් වැලක් එකට ගෙතී සුන්දර කල ලා රෝස පැහැය ගත් රන් පැහැ අකුරෙන් ඉන්විටේශන් කියාලියා තිබුන සරල නමුත් සුන්දර මංගල ඇරයුම් පතකි.

මංගල උත්සවයක් යනු සතුට රැගෙන එන හේතුවක් නොවේද? තව මාස පහකින් එන මැයි මාසයේ තමා විවාපත් වන්නට නියමිතය. ඒ බව සිතද්දීත් ඒ දිනය ගැන සිතෙන් මවා ගනිද්දීත් අරුණලී ඉමහත් සතුටකින් ඉපිල යයි. එ මනමාලියක් වීම ඕනෑම යුවතියකගේ සිහින සැබෑ වීමක් යැයි සිතන හන්දා නොවා දිගු කාලයක් තිස්සේ දැන හඳුනන, ප්‍රේමයෙන් වෙලුන තමන්ගේ ප්‍රේමවන්තයා සමග විවාහ වන්නට ඉඩ ලැබීම නිසාය.එවන් වාසනාවක් හිමිවන්නේ කීයෙන් කීදෙනාටද යන හැඟීම අරුණලී ආරියරත්න හිතට ආඩම්බරයකි.

මෙනුක පීරිස් වනහී දාහකින් හොයාගන්නට බැරි අපූරු තරුණයෙකු වග අරුණලී සහ මෙනුක හඳුනන බොහෝ දෙනාත් අරුණලීගේ පවුලේ හිත මිත්‍රාදීන් ද නොමසුරුව පිලිගන්නකි. ඉතින් එවන් අයෙකුව අනාගත සැමියා ලෙස භාරගන්නට ලැබීම ගැන අරුණලී උන්නේ පුදුමාකර සතුටකින් සහ ආඩම්බරයකින්‍ ය.

අරුණලීට මංගල දිනයේ අඳින්නට ඇති සාරිය සකසා ගැනීම සඳහා මධූ බ්‍රයිඩල් වෙත යන්නට තියෙන්නේ අද හවස පහමාරටය. සෙනසුරාදා දවසක් වුවත් මෙනුකට අද වැඩය. අරුණලී සහ මෙනුක උන්නේ විවාහයෙන් පසු ඔස්ට්‍රේලියාව බලා යන අරමුණකය. උසස් පෙල සමත්ව උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය මෙනුක අවසානයේ එහිම මෘදුකාංග ඉංජිනේරුවක වශයෙන් රැකියාවක් සොයා ගත්තේය. 

දුරස්තව පවතින ප්‍රේම සබඳතා දිගුකාලීනව නොපවතින බව කොතෙක් දෙනා පැවසුවද අරුණලී සහ මෙනුක ගේ ආදර සබඳතාවය ඒ සියලු කතා බොරු කරන්නට සමත් වුවකි.

“ඔයා වැඩ නිසා මම එන්නම් බබා මධූ අක්කගෙ ශොප් එක ලඟට” කියා අරුණලී මෙනුක අමතා පැවසුවාය. දිවා ආහරයෙන් පසු කෙටි නින්දකට වන් අරුණලී හවස හතරට පමණ ඇහැරුනේ මෙනුක හමුවෙන යන්නටයි. 

නිවසේ හිඳ බසයෙන් ටවුමට ගිය අරුණලී මෙනුක එනතුරු තමන්ගේ විවාහ මංගල ඇඳුම සකසන මධූ විතානවසම්ගේ මධූ බ්‍රයිඩල් ශොප් එක  ඉදිරිපිට කෝපි හලේ අසුනකට බර වූවාය. කල්පනා කරන්නට බොහෝ දේ තිබුනද ඒ සොඳුරු කල්පනාවන්‍ ය. විවාහ උත්සවය ගැන, එහිදී ජායාරූප ගන්නා අයුරු, නෑදෑයන් සුබ පතන ආකාරය ගැන සිතන්නට බොහෝ කාරණා අරුණලීට තිබුනි.

මෙනුකත් අරුණලීත් පාසල් යන අවදියේ හිඳම එකිනෙකාව හඳුනයි. අරුණලීගේ මිතුරියක සහ මෙනුක ගේ මිතුරෙකු අතර වූ ප්‍රේම සබඳතාවයකට උදව් පදව් කරන්නට යාම අවසානයේ නතර වූයේ මෙනුක සහ අරුණලීට දිගු කාලීන ප්‍රේම සබඳතාවයකින් පසු විවාහයේ එලිපත්ත මතට ගෙන ඒමෙනි.

“දැන් එහෙ ඔස්ට්‍රේලියාවෙ ගෙදර ඔයා අස්පස් කරල හෙමද ආවේ?”

අරුණලී ඇසුවේ කෝපි හල වෙත විත් මධූ අක්කා ශොප් එකට එනතුරු එහි රැඳී ඉනු පිණිස කෝපි කෝප්පයක් ඇණවුම් කර මෙනුක දෙස බලමින් දෙනෙත් කුඩා කරය.

“මොකටද ඉතින් අස් කරල එන්නෙ?”

කෝපි කෝප්පයෙන් උගුරක් ගෙන රස විඳිමින් මෙනුක ඇසුවේ කිසිදු වෙනසක් බැල්මකින් හෝ හඬින් අරුණලී වෙත නොපෙන්වමිනි. නැතින අරුණලීගේ මෙ නාඩගම් මෙනුක නොදන්නවා නොවේ.

“ඉතින් දැන් අපි මැරි කරල ගියාට පස්සෙ එහේ ඉන්න ඕනනෙ. අස්පස් කරල නැතුව කොහොමද අනේ ඉන්නෙ?”

“ඒවට තමයි ඉතිං මං මේ ඔයාව එක්කගෙන යන්නෙ” කියා මෙනුක සිනාසෙද්දී අරුණලී ඔහුගේ අතට පහරක් ගසා අමනාපය හැඟවූවාය. එහෙත් මේ මෙනුකගේ සුපුරුදු විහිලු දැන් අරුණලීට හොඳට හුරුපුරුදුය.

“නෑ බබා, මම කුමියට කියල ආවෙ අපි එන්න දවස් තුනකට විතර කලින් ක්ලීනින් සර්විස් එකකට කතා කරල පොඩ්ඩක් අස්පස් කරල දාන්න කියල. මම එද්දි කරල ආවනම් කොහොමත් අපි යද්දි පුස් ගඳ වෙනවනෙ වහලම තියෙන නිසා”

“මට නම් ඔයා එහෙම කියද්දි බයත් හිතෙනවා යන්න”

“ඇයි?”

“නෑ මට පුරුදුවෙන්න බැරිවෙයිද කියල එහෙ ජීවිතේට”

“අනේ මේ මෝඩ කෙල්ලෙක් වගේ කතාකරන්න එපා. ඔයා මේ යුනිවසිටිත් ගිහිල්ල, අවුරුද්දක් විතර ජොබ් එකකුත් කර කර ඉඳපු ලමයෙක් වෙලා ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න බෑ වගේ කියන්න එපා.

මෙහෙටත් වඩා එහෙ ජීවිතේ ඔයාට පහසු වෙයි. එහේ ඇත්තටම දියුණුයිනෙ. අපි ඉන්න පලාත හෙම. අනික ටවුන් එකනෙ. අපේ කී දෙනෙක්ගෙ වයිෆ්ල එහෙ ඇවිල්ල තනියෙන් ඉන්නවද? අනික ලංකාවේ ගෑණු ලමයි ඕනතරම් ඇවිල්ල තනියෙන් ජොබ්ස් හොයාගෙන ලස්සන ජීවත් වෙනව. ඔයාට එහෙම බයවෙන්න දෙයක් නෑනෙ අනේ මම ඉන්නවනෙ”

“ඒ උනාට ඉතින් ඔයා ඔෆිස් ගියාම මට තනියෙම ගේ ඇතුලෙ ඉඳලම එපා වෙයි?”

“නෑ ලමයො එහේ මේ අපෙ ගෙවල්වල වගේ ලොකු ඉඩක් නැති උනාට පොඩි ගාඩ්න් එකක් තියෙනවනෙ. මම ඔයාට ෆොටෝස් එවලත් තියෙන්නෙ. ඔයාට ආස නම් ඒකෙ වවන්න පුලුවන්. නැත්තම් පොඩ්ඩක් එලියට ගියාම ඔයාට ඕන තරම් කොෆි ශොප්ස්, බුක් ක්ලබ්ස් තියෙනව. ඒවට ජොයින් වෙන්න පුලුවන්.

අනික ඔයා එහෙ ගිහින් නිකන් ඉන්නෙ නෑනෙ. අපි ඉක්මනට ඔයාටත් ජොබ් එකක් හොයාගන්නවනෙ. ඒ නිසා ඕනවට වඩා ඒගැන හිතන්න එපා”

කෝපි කෝප්පයේ අවසාන උගුරත් බී අහවර කල පුටුවෙන් නැගිටින අතරම මෙනුක දිගටම කතා කලේය.

“මෙහෙ කොෆි බොද්දි තමයි තේරෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කොෆි කොච්චර රසද කියල? මෙල්බර්න් වල තියෙනව  කොෆි ශොප් එකක් මම ඔයාවත් එක්ක යන්නම් ගියාම. සෙඅන් සීඩ්ස් කොෆි රෝස්ටර්ස් කියල. මාරම රස කෝපි තියෙනව හරිද?

ඒක අයිති මාර්ක් ඩන්ඩන් කියල කෙනෙක්ට. එහෙ මිනිස්ස් එයාව සලකන්නෙ මෙල්බර්න් කොෆී වල ගොඩ් ෆාදර් කියල.

මම එයාලගෙ ආසම එයාලගෙ තියෙනව සෙවන් සීඩ්ස් එස්ප්‍රෙසෝ බ්ලෙන්ඩ් කියල එකක්. ඒකෙ කෝපි රස එක්ක පොඩි පලතුරු-කැරමල් රහකුත් තියෙනවා. අපි ඉස්සර ස්ටඩි කරද්දිත් යනව කට්ටිය එම. වැඩිපුරම එන්නෙන කුමියයි, උගේ කෙල්ලයි, ජීවයි. 

මම එක්ක යන්නම්කො ඔයාවත්” කියාගෙනම මෙනුක කෝපි හලේ හිඳ මධූ බ්‍රයිඩල් ශොප් වෙත යන්නට පාර පැන්නේ අරුණලීගේ අතින් අල්ලාගෙනමය.

“අහ් ජෝඩුව වෙලාවටම ඇවිල්ල නේද?” කියා මධූ සිනාවෙන්ම අරුණලීව සහ මෙනුකව පිලිගත්තාය. මධූ බ්‍රයිඩ්ස් ශොප් එක පිරී තිබුනේ නුදුරු දිනයන්හි විවාහ වන්නට බලාපොරොත්තුවෙන් හිඳින මනාලියන් යුවතුයන් විසින් තෝරාගත් සුන්දර මංගල ඇඳුමින් පැලඳුමින් පිරී ගොසිනි. 

අරුණලී සහ මෙනුක යනවිටත් එහි තවත් එහ යුවතියක් තම මංගල ඇඳුම ෆිටෝන් කරමින් උන්නය.

“හොඳයි නේද නංගි?” කියමින් මධූ ඒ නාඳුනන යුවතිය අසලට ගොස් සිනවකින්ම ඇයගෙන් ඇසුවාය.

“හරිම ලස්සනයි අක්කෙ” ඇය කියන්නේ ඉමහත් සතුටෙන් නෙතු පිරිණු කඳුලු අතරිනි. තා මාස කිහිපයකින් තමන්ටද මෙවන් දිනයක් එන බව අරුණලී සිතෙන් සිතුවාය. ඒ සිතන්නට පවා සතුටක් ගෙන දෙන කාරණාවකි. 

“ඔයිට වඩා ලස්සනට තියේවි දැන් මේකප් හෙම දාලා ලබන සතියෙ බ්‍රයිඩ්ල් එකම ඇන්දම” 

මධූට අරුණලී සමග නිදහසේ අරුණලීගේ මංගල ඇඳුම ගැන කතබස් කරන්නට ලැබුනේ ඉන් මිනිත්තු කිහිපයකට පසුවය. අරුණලී ඒ කාලය අතරතුර තමා පින්ටරස්ට් ඔස්සේ සොයාගත් හිත් ගත් සුන්දර මංගල ඇඳුම් කිහිපයක්ම දුරකතන මුහුණත මතට අරගත්තාය.

“දැන් ඔයා මොකද්ද අඳින්න ආස? සාරියක් ද ඔසරියක්ද?”

“ඔසරියක් නම් එපා අක්කා. හැමෝම ඔසරිය අඳිනවනෙ. මම ආසයි පොඩ්ඩක් වෙනස් විදියෙ සාරියකට”

“ඕකේ, වෙනස් විදියෙ කිව්වෙ මටීරියල් එකේද? ඩිසයින් එකේද?”

“ඒ කිව්වෙ අක්කෙ මට දැන් හැමෝම අඳිනව වගේ සාරි එකක් එපා. මගෙ වෙඩින් සාරි එක සිම්පල් වෙන්න ඕන. මම ආසයි නිකන් එම්බ්‍රොයිඩර්ඩ් ජැකට් එකක් එක්ක සිම්පල් ඕෆ් වයිට් සාරි එකක් මැච් කරල වගේ”

“ඒ කියන්නෙ මිනිමල් ලුක් එකක් නේද?”

“අනේ ඔව් අක්කේ. මම තරුලි අක්කටත් කිව්ව මේකප් ඇන්ඩ් හෙයා ස්ටයිල් උනත් මිනිමල් වෙන්න ඕන කියල”

“ඕකේ නෝ වොරීස්, මගෙ ගාව දැනට ට්‍රෙන්ඩ් වෙන මටීරියල් තියෙන බුක් එකක් තියෙනව. අපි ඒකෙන් පොඩ්ඩක් බලමු මොන විදියෙ මටීරියල් එකකටද කැමති කියල.

ඔයාට ෆ්‍රී උනොත් අපි….ම්ම්ම්ම්ම් නෙක්ස්ට් වීක් බෑ, ඊටපස්සෙ වීක් එකේ පිටකොටුවෙ පොඩ්ඩක් යන්ද නංගි මටීරියල්ස් සිලෙක්ට් කරගන්න?”

මධූ අක්කා සමග මංගල ඇඳුමේ රෙදි පිලි ගැන එකඟතවයකට ආ අරුණලී මෙනුක සමග නිවස බලා එද්දීත් රාත්‍රී අට පසුවීය. අරුණලීගේ මවගේ පෙරැත්තයටම රාත්‍රී ආහාරය එහිදීම ගත් මෙනුක අරුණලී ඇතුලුන්පවුලේ අයගෙන් සමුගත්තේ ආයෙමත් ඉක්මනින් එන බව පොරොන්දු වෙමිනි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here