කුණු බක්කියක සැඟවුණු තාත්තා කෙනෙකුගේත් දුවෙකුගේත් ආදරේ – Maharaja

තාත්තලා දූල අතරෙ තියෙන ආදර කතා මේ ලෝකෙ පුරා ප්‍රසිද්ධයි. දූලට වැඩිපුරම ආදරේ තාත්තල බවත් තාත්තලට වැඩිපුරම ආදරේ දූල බවත් අපි හැමෝම පොදුවේ පිළිගන්නවනෙ. ඉතින් අද අරගෙන එන චිත්‍රපටයෙන් කියන්නෙත් අන්න ඒ වගේ අපූරු තාත්තා කෙනෙකු සහ දුවෙකු අතර තියෙන බැඳීමක් ගැන කතාවක්.

මේ චිත්‍රපටයේ නම Maharaja. Maharaja කියන්නෙ මේ මෑතකදි නිකුත්වුණ දෙමල භාෂාවෙන් කල Action Thriller Movie එකක්. රාම් මුරලිගෙ අධ්‍යක්ෂණයක්. දෙබස් නිතිලන් ස්වාමිනාදන් ගෙ. චිත්‍රපටයෙ රඟපාන්නෙ අපි හැමෝම ආස කරන විජේ සේතුපති.

කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට.

මහරාජා කියන්නෙ චෙන්නායි වල පල්ලිකරනායි වල වැඩ කරන බාබර් කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා. බිරිඳ නැතිවෙලා. බිරිඳ නැතිවෙලා තියෙන්නෙ මෙයාලගෙ ගෙදරට කඩාගෙන ආව ට්‍රක් එකක් නිසා වුණ ඇක්සිඩන්ට් එකකින්. දුවගේ ජීවිතේ බේරිලා තියෙන්නෙ මහරාජාගෙ බිරිඳ ඒ වෙලාවෙ දූව ආරක්ෂා කරන්න එයාව යකඩෙන් හදපු කුණු බක්කියකින් වහල දාපු හන්දා. ඒ නිසාම මහරාජා සහ එයාගෙ දුව වුණ ජ්‍යෝති මේ කුණු බක්කියට මනුස්සයෙක් වගේ සලකන්න ගන්නවා. මොකද ඒ කුණු බක්කිය තමා එයාගෙ ජීවිතේ බේරුවෙ. ඒ වගේම එයාලා මේ කුණු බක්කිය ලක්ෂ්මි කියල නම් කරල මනුස්සයෙක්ට වගේ සලකන්න පටන් ගන්නවා.

කොහොමහරි ජ්‍යෝති ටිකක් තරුණ වයසට එද්දි මහරාජා ජ්‍යෝතිවත් අරගෙන අලුත් නවාතැනකට යනවා. ජ්‍යෝති ඉස්කෝලෙදි හරි ඇක්ටිව් ළමයෙක්.

කොහොමහරි දවසක් මහරාජා පොලිසියට එනවා පැමිණිල්ලක් දාන්න.හැබැයි මහරාජාගෙ මංකොල්ලයක් ගැන කියන පැමිණිල්ල අහන පොලිසියෙ ඉන්න හැම කෙනෙක්ම මේක විහිලුවකට තමයි අරගන්නෙ.

මොකද මහරාජා ඇවිල්ල පැමිණිල්ල දාන්නෙ එයාලගෙ ගෙදර තිබුණ කුණු බක්කිය හොරකම් කරා කියලා. කුණු බක්කියක් කියන්නෙ ඉතින් එහෙම මේ නැති උනාම පැමිණිල්ලක් දාන්න ඕන විදියෙ ලොකු මංකොල්ලයක් නෙවෙයිනෙ. ආන්න ඒකයි පොලිසියෙ අය මේක විනෝදයට අරගන්නෙ.මහරාජා කියනවා කවුද කට්ටියක් ඇවිල්ල එයාගෙ මේ ලක්ෂ්මි කියන කුණු බක්කියක මංකොල්ල කාලා කියල. කුණු බක්කියක් කියන්නෙ ඔච්චර වටින දෙයක්ද කියල පොලිසියෙ අය දිගින් දිගටම මහරාජාට විහිලු කරන්න පටන් ගන්නවා. පොලිසිය මේ පැමිණිල්ල ගණන් ගන්නෙම නෑ. හැබැයි මහරාජා වැඩේ අතාරින්නෙත් නෑ. එයා දිගටම පොලිසියට එනව. පොලිසිය මේ වැඩේ එච්චර ලොකුවට ගන්නෙ නෑ කියල තේරෙද්දි මහරාජා කියනවා කුණු බක්කිය හොයල දෙන කෙනෙක්ට එයා ලක්ෂ පහක මුදල් තෑග්ගක් දෙනවා කියල. අන්න එතකොට තමයි පොලිසිය මේ කේස් එක භාරගන්නෙ. කේස් එක භාරදෙන පොලිස් නිලධාරියන් මේ ලක්ෂ්මි මංකොල්ල කෑව කියල නල්ලසිවම් කියල මනුස්සයෙක්ව අත් අඩංගුවට ගන්නවා.

මෙතනින් පස්සෙ පෙන්වන්නෙ අතීත කතාවක්. මේ අතීත කතාවට අනුව මේ සිද්ධිය වෙන්නෙ 2009 අවුරුද්දෙදි. සෙල්වම් සහ සබරි කියන්නෙ ගෙවල් මංකොල්ල කන ගමන් ගිහිල්ල ගැහැණුන්ව දූෂනය කරල මරලා දාන කොල්ල කල්ලියක්. දවසක් සබරි සෙල්වම්ට කතාකරලා කියනව එයාලා කවුද කියල කියන්නෙ නැතුව මෙයාලගෙ වැඩ ගැන පත්තරේ කතු වැකියක් දාලා තියෙනව කියලා. මේ වෙලාවෙ සෙල්වම් ඉන්නෙ මහරාජාගෙ සැලුන් එකට ඇවිත් කොණ්ඩ රැවුල කපන්නෙ. මහරාජාට මේ කතාව ඇහෙනවා. සෙල්වම්ට එයාගෙ දුව වෙච්ච අම්මුට දෙන්න අරගත්ත රත්තරන් මාලයක් මේ සැලුන් එකේ අමතක වෙලා යනවා. මහරාජා ඒක ආපහු භාරදෙන්න සෙල්වම්ගෙ ගෙදරට යනකොට පොලිසිය ඇවිල්ල සෙල්වම්ව අත් අඩංගුවට ගන්නවා. පොලිසිය සබරිට වෙඩි තියල සෙල්වම් ව අත් අඩංගුවට ගන්නවා. සෙල්වම්ගෙ බිරිඳ වෙච්ච කෝකිලා ඇත්තටම මේ ගැන දන්නෙ නෑ. පොලිසිය ආවම මේ හැම දෙයක්ම දැනගන්න කෝකිලා සෙල්වම්ට කියනවා “ආයෙ කවදාවත්ම දූට ළංවෙන්න එපා” කියල.

සෙල්වම් හිතන්නෙ පොලිසියට ඔත්තුව දුන්නෙ මහරාජා කියලා.

ඉන්පස්සෙ අපි දකින්නෙ 2023 අවුරුද්දෙ ඒ කියන්නෙ වර්තමානයේ වෙන සිදුවීමක්. ධනා කියන්නෙ මෝටර් ආයතනයක වැඩ කරන කෙනෙක්. හැබැයි මෙයා අපරාධකාරයෙක්. තමන්ගෙ වාහනේ තිබුණ සන් ග්ලාසස් හොරකම් කරා කියල ප්‍රාදේශීය දේශපාලඥයෙක් දවසක් මෙයාට පහර දෙනවා. ධනා ඒකට පලිගන්න එන්නෙ මේ දේශපාලඥයා යන බාර් එකකදි. වැඩේ කියන්නෙ ඔය බාර් එකට මහරාජාත් එනවා. පොලිසිය මේ වෙද්දිත් ඉන්නෙ කුණු බක්කියට මොකද උනේ කියල හොයන ගමන්. නල්ලසිවම් කරන්නෙ කුණු බක්කියක් අරගෙන ඒක ලක්ෂ්මි වගේ පේන්න හදන එක.පොලිසිය උත්සහ කරනවා මේ වගේ වැඩ භාරගන්න මිනිස්සු කවුද කියල හොයන්න. හැබැයි කිසිම හොරෙක්, අපරාධකාරයෙක් කැමති වෙන්නෙ නෑ කුණු බක්කියක් හොරකම් කරා කියල වරදකාරයෙක් වෙන්න. එයාලාට ඒක ලැජ්ජාවක්නෙ. කොහොමහරි නල්ලසිවම් කියනව එයා කැමතියි අපරාධකාරයා වගේ රඟපාන්න කියාල මොකද එයා ආසයි නලුවෙක් වෙන්න. ඉතින් පොලිසිය මහරාජාට කියනව නල්ලසිවම්ට වැඩේ ලේසි වෙන්න වෙච්ච සිදුවීම ආයෙ මුල ඉඳල කියන්න කියලා.

මහරාජා ඇවිල්ල සිද්දිය කියනවා.

හැබැයි මෙතනදි ජ්‍යෝතිට කියන්න වෙනම කතාවක් තියෙනව. අන්න ඒ කතාව පිටිපස්සෙ තමයි මේ කුණු බක්කිය නැතිවීම පිටිපස්සෙ තියෙන ලොකුම ලොකු අපරාධයක කතාව හැංගිල තියෙන්නෙ.

 ඒ වගේම මේ කතාවෙ අවසානයේ තියෙන Plot Twist එකක් තමයි මේ කතාව වඩාත්ම සංවේදී කරන්නෙ.

ඉතින් Maharaja චිත්‍රපටය ඔයාලට පුලුවන් Netflix ඔස්සේ දැන් බලන්න.

ඉතින් බලල ඔයාල චිත්‍රපටය ගැන හිතන දේවල් Comment එකකින් ලියාගෙන යන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles