උපත් පාලන ක්‍රම ගැන දැනගෙන සෙක්ස් කරමු

ජීව විද්‍යාත්මක ව සෙක්ස් කියන්නෙ ප්‍රජනනය සම්බන්ධ දෙයක් වුණාට, අපි ඒකට විතරක් ම නෙවෙයිනෙ සෙක්ස් කරන්නෙ. ආදරේ ප්‍රකාශ කරන්න, තෘප්තිමත් වෙන්නත් සෙක්ස් කරනවා. ඉතින් ඔය හැම වෙලාවක ම දරුවෙක් හැදෙන්න තියෙන අවස්ථාව ඉතා ම වැඩී. ලංකාවේ ගබ්සාව නීතිගත දේකුත් නෙවෙයි. ඉතින් අනවශ්‍ය වෙලාවක දරුවෙක් පිළිසිඳ ගත්තොත් ඔයා ලොකු අමාරුවකයි වැටෙන්නෙ. ඒ නිසයි මම අද ඔයා එක්ක උපත් පාලන ක්‍රම ගැන කතා කරන්න යන්නේ. 

කැලැන්ඩර් ක්‍රමය

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28-35ත් අතර වෙනවා. ඔයා මුලින් ම කරන්න ඕනෙ ඔයාගෙ ඔසප් චක්‍රය ගැන හොඳ අවධානයක් දීලා ඒ ගැන නිශ්චිත අදහසක් ගන්න එක. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ සරු කාලය නිශ්චිත ව ම දැනගන්න. මම කලින් ඒ ගැන කතා කරලා තියෙනවා. අන්න ඒ සරු කාලය මග හැරලා ලිංගික ව එකතු වුණොත් ඔයාට පුළුවන් දරු පිළිසිඳගැනීමකින් තොර ලිංගික තෘප්තියක් ලබා ගන්න. 

කොන්ඩම්

ඉතාම පහසු, වාසිදායක උපත් පාලන ක්‍රමයක් තමයි පිරිමි කොන්ඩම් කියන්නෙ. ඇත්තට ම කොන්ඩම්වල සාර්ථක වීමේ ප්‍රමාණය 98%ක් කියායි සැලකෙන්නේ. හෝමෝනවලින් තොර වීම නිසාත්, පාවිච්චියට පහසු නිසාත් උපත් පාලනයට කොණ්ඩම් කියන්නෙ ඉතාම හොඳ ක්‍රමයක්. 

උපත් පාලන පෙති

උපත් පාලන පෙතිවලින් කරන්නේ ස්වභාවික හෝමෝනවලට බලපෑමක් ඇති කරලා උපත් පාලනය කරන එක. මේක ගන්න ඕනෙ කාන්තාව. මේකෙදි ඔයාගෙ ඔසප් චක්‍රය ක්‍රමවත් වීමක් සිදු වෙනවා. මේ ගිලින පෙතිවල 99%ක සාර්ථකත්වයක් තියෙනබව තමයි සඳහන් වෙන්නේ. පෙති පැකැට්ටුවේ පෙති ලබා ගන්නා ආකාරය ගැන ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඔයා මේ ඔප්ෂන් එක තෝරගන්නවා නම් ඇසුරුමට අනුව උපදෙස් පිළිපදින්න. ඒ වගේමයි නතර කරපු ඕනෑම වෙලාවක ගැබ් ගැනීමේ හැකියාව තියෙනවා. 

හදිසි උපත් පාලන පෙති

අපි කවුරුත් පොස්ටිනෝ ගැන අහලා තියෙනවනෙ. මේ කියන්නෙ ඒ ගැනයි. හැබැයි මේක ස්ථිර හෝ නිතර භාවිතයට කොහෙත් ම සුදුසු දෙයක් නෙවෙයි. හදිසි උපත් පාලන පෙත්තක් කියලා කියන්නේම ඒනිසායි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු පැය 12ක් ඇතුළතදි මේක ගැනීමෙන් සාර්ථකත්වය ඉතා ඉහළ අතට යොමු කරගන්න පුළුවන්. නැති නම් අනිවාර්යයෙන් ම පැය 72ක් ඇතුළත ගන්න ඕනෙ. මේකත් ගන්න ඕනෙ කාන්තා ඔබ තමයි. 

ලූප් 

ලූප් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තඹ ලූප් එක. අනික් එක තමයි හෝමෝන් ලූප් එක. මේවා දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රම කියලා හඳුන්වන්න පුළුවන්. 
තඹ ලූපය අවුරුදු දහයකටත්, හෝමෝන සහිත ලූපය අවුරුදු 5කටත් වලංගු වෙනවා. ඒ වගේම මේ ක්‍රමයේ සාර්ථකත්වයත් 99%ක් වගේ ඉහළ අගයක් ගන්නවා.

ඩිපෝ ප්‍රොවේරා 

ඩිපෝ ප්‍රොවේරා එන්නත කියන්නේ මාස තුනක කාලයක් දක්වා ගැබ් ගැනීම ඉතාම ඉහළ සාර්ථකත්වයකින් යුතුව වළක්වන්න පුලුවන් ක්‍රමයක්. මේ එන්නත වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්න පුළුවන්. 
ඒ වගේම සාමාන්‍යයෙන් අපි ජඩෙල් කියලා හඳුන්වන්නේ මේකෙම ඉම්ප්ලාන්ට් එක. විනාඩියකටත් අඩු කුඩාම ශල්‍යකර්මයකින් තමයි මේ ජඩෙල් එක අතේ තැන්පත් කරන්නේ. ඇත්තට ම ජඩෙල් කියන්නේ මේ නිෂ්පාදනයේ නම. මේකත් අවුරුදු පහක් තියාගන්න පුළුවන්. 

ඇත්තට ම 100%ක් සාර්ථක උපත් පාලන ක්‍රමයකට තියෙන්නෙ සෙක්ස් නොකර ඉන්න එක විතරයි. අනිත් හැම උපත්පාලන ක්‍රමයක්ම අසාර්ථක වෙන්නත් ඉඩක් තියෙනවා. ලූප් එක ඔලුවෙ පටලන් ඉපදුණු පැටව් අපි දැකලා තියෙනවනේ. ඉතින් කල්පනාවෙන් ආරක්ෂාකාරීව සෙක්ස් කරන්න. 

Related Articles

Don't Miss


Latest Articles