මසාලා රටකජු බයිට්

මේ දවස්වල සීතලත් එක්ක නිතරම උණුසුම් දේවල් බීමට ගන්න එක අපි වැඩිදෙනෙක්ගෙ පුරුද්දක් වෙලානෙ. 

ඒ විදිහට රසවිඳින්න හදාගන්න තේ, කිරි තේ, කෝපි කෝප්පයක් එක්ක හපන්න ගෙදරදිම හරිම පිරිසිදුවට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස බයිට් එකක් ගැන කියල දෙන්නයි ඔන්න smart lady අපි අද සූදානම් වෙන්නෙ. 

අද අපි හදමු මසාලා රටකජු බයිට්.

වෙනද කන මිරිස් කුඩු ලුණු කුඩු දාපු රටකජු බැඳුමට වඩා මේ මසාලා බයිට් එකට ඔබ කැමති වෙනව කියල අපිට විශ්වාසයි.

එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය මුලින්ම සූදානම් කරගමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

කඩල පිටි කෝප්ප ¼ ක් 

මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

කහ කුඩු තේ හැඳි ¼ ක් 

හාල් පිටි මේස හැඳි 02 ක් 

රස අනුව ලුණු කුඩු 

පොත්ත ඉවත් නොකළ අමු රටකජු කෝප්ප 01 ක් 

අඹරාගත් ඉඟුරු සුදුළූණු මිශ්‍රණයෙන් තේ හැඳි 02 ක් 

වතුර

තෙල් 

මසාලා කුඩු තේ හැඳි ½ ක්, කුඩු කරගත් සීනි තේ හැඳි ½ ක්, මිරිස් කුඩු මේස හැන්ඳක් එකට කලවම් කර සාදාගත් තුනපහ මිශ්‍රණය 

සාදාගන්නා ආකාරය 

මුලින්ම තරමක් විශාක භාජනයක් ගෙන එයට කඩල පිටි, මිරිස් කුඩු, කහ කුඩු, සහල් පිටි සහ රස අනුව ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් එයට රටකජු එකතු නැවත හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට සාදාගත් ඉඟුරු සුදුලූණු පේස්ට් වලින් තේ හැඳි 02 ක් ද එකතු කර හොඳින් කලවම් කරගන්න. 

හොඳින් සෝදා පිරිසිදු කරගත් අතින් කලවම් කිරීමෙන් රටකජු වල හොඳින් මිශ්‍රණය තැවරෙන සේ කලවම් කරගන්න පුළුවන්. 

දැන් මේ මිශ්‍රණයට වතුර තේ හැඳි 02 ක් පමණ එකතු කර මිශ්‍රණය රටකජු වල හොඳින් බැටර් එකක් සේ තැවරෙන සේ කලවම් කරගන්න. 

අවශ්‍ය නම් තවත් වතුර තේ හැන්ඳක් දෙකක් පමණ එකතු කරගන්නත් පුළුවන්. 

ඊළඟට, තෙල් භාජනයක් ලිපතබා තෙල් හොඳින් රත්වූ පසු රටකජු තෙලට දමා බැඳගන්න. 

රටකජු අතින් එකින් එක වෙන් කරමින් තෙලට දමාගන්න ඔබට පුළුවන්. එකිනෙක වෙන් කරන්න අපහසු නම් රටකජු දෙකක් හෝ තුනක් එකට දමා ගත්තාට ගැටළුවකුත් නැහැ. 

විනාඩියක් එක හමාරක් බැඳුණු පසු ගින්දර අඩුකර තරමක් තද රන්වන් පැහැයක් සහ බැටර් එක තරමක් සවිවූ පසු ලිපෙන් ඉවත් කරගන්න ඔබට පුළුවන්. 

තෙල් ඉවත් වී රටකජු උණුසුම්ව තිබියදීම තුනපහ මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න පුළුවන්. 

රරකජු හොඳින් නිමුණු පසු හොඳින් සෝදා වියළාගත් වීදුරු බෝතලයක ගබඩා කර තබාගෙන රසවිඳින්න ඔබට පුළුවන්. 

එහෙනම් මේ විදිහට මසාලා රටකජු හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles