Chat with Smartlady – තිළිණි පෙරේරා

තිළිණි පෙරේරා නව පරපුරේ දක්ෂ නිළියක්. ආදර දෑසක් හරහා ඇය ගැන කතාබහ කරන්න අපි පටන් ගත්තත් මුතුකුඩ ටෙලි නාට්‍යයේ ඈ මැවූ චරිතය තවමත් අමතකව නොගිය චරිතයක්. අද අපි එක්ක තිළිණි ඇගේ ජීවිතේ ගැන කතා කරන්න එකතු වෙනවා.

තිළිණි, විලාසිතා තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබේ අදහස් මොන වගේ ද?

මම සිරුරට ගැළපෙන්න සහ සැහැල්ලුවෙන් අඳින්න හරිම කැමතියි. මේ දවස්වල නම් මගේ ප්‍රියතම විලාසිතාව තමයි ගවුම. ඇඳුම් හිරට ඇඳගෙන ෂූටිං වලට දුර යන්න මම ආස නෑ. ඒ නිසා ඩෙනිමටත් ටී ෂර්ට් එකට වඩා ගවුම් තමා මගේ තෝරා ගැනීම. මගේ ඇඟේ හැඩයට ගවුම ගැලපෙනවා නම් ඒ පාට සහ මෙටීරියල් මට ගැලපෙනවා නම් ගැළපෙන සපත්තු දෙකක් එක්ක ගවුමක් ඇඳීම තමයි මේ දවස්වල මගේ විනෝදාංශය.

තිළිණි ලස්සනට ඉන්න සැලෝන් යනවද නැත්නම් ගෙදරදී රුව සත්කාර කරනවාද?

මම NVQ 4 වෙනතුරු රූපලාවණ්‍ය හදාරපු කෙනෙක්. ඒ නිසා මම සාමාන්‍ය රුව සත්කාර කරන්නේ ගෙදරදීමයි.
අයිබ්‍රෝස් හදන්න, ෆේෂල් කරන්න, ක්ලීනප් කරන්න නම් සැලෝන් යන්නේම නෑ. ස්කින් එක ලස්සනට තියා ගන්න මම නිතරම වතුර බොනවා. පිම්පල් එකක් ආවම සුදුළූණු යුෂ ,ටූත් පේස්ට් ආලේපය, බිබිලි වලට කෝමාරිකා ආලේපය මම ගෙදරදී කරනවා.ඒ වගේම සමේ තෙතමනය තියා ගන්න ක්‍රීම් ආලේප කරනවා. ඇත්තටම සමේ වර්ණය ඔප නංවා ගන්න කැරට් ජූස්, කැකිරි ජූස් සහ දොඩම් ජූස් ලොකු හේතුවක්.මම සැලෝන් යැවෙන්නේ ෆන්ෂන් එකකට අඳින්න, මේකප් එකක් දාගන්න තමයි.

නිළියක් වෙන්න හීන දැක්කේ ඇයි?

මම පුංචි කාලේ ටීවි එකේ ෆිල්ම්, ටෙලි ඩ්‍රාමා බලනකොට එතන ඉන්නේ මම කියලා මවා ගත්තු කෙනෙක්. ඩාන්සින් ටීච කෙනෙක්,ගුවන් සේවිකාවක් වගේ හීනත් මට තිබුණා.හැබැයි මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. මං සාමාන්‍ය පවුලක සාමාන්‍ය ගැහැනු ළමයෙක්. උසස් පෙළ අවසන් වීමත් එක්ක මොඩ්ලින් කිරීමත් දෙරණ නාලිකාවේ තරඟයකින් ජය ගැනීම නිසා මට ක්ෂේත්‍රයට ආරාධනා ලැබුණා. ඊට පස්සේ දිගටම කලාවේ රැඳුණා.

නිළියන්ට සාමාන්‍යයෙන් ගොසිප් හැදෙනවා. එහෙම දේවල් ඔබ දරා ගන්නේ කොහොමද?

මම ඉන්න ෆීල්ඩ් එක මානසික පීඩා උපරිම ගෙන එන තැනක්. මිනිස්සු අපිට ආදරෙයි වගේම පෞද්ගලිකත්වයට අත දානවා. ඉතින් ගොසිප් හැදෙනවා . ඇත්තටම ඒ දේවල් ගැන මම දුක් වෙලා තියනවා. ඒත් අපි හරියට ජීවත් වෙනවා නම් සමාජේ මොනවා කීවත් වැඩක් නෑ. ඒත් අපි වැරදි නම් අපේ හෘද ශාක්ෂියෙන් ගැලවීමක් නැහැ..මම අන්න ඒ දේ තරයේම විශ්වාස කරමින් ඉන්නවා.

මේ දවස්වල තිළිණිගේ කලා කටයුතු කොහොමද?

මං මේ දවස්වල අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා ඉන්නවා ව්‍යාපාරික කාන්තාවක් වීමේ බලාපොරොත්තුවක් ඇතිව. ඒ නිසා ලොකුවට කලාවට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ටිකිරි රත්නායක මහත්මයාගේ සකල ගුරු නාට්‍යයට සම්බන්ධ වුණා. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකින් ඔබට මාව දකින්න පුලුවන්.

තිළිණි, ඔබේ ඉදිරි කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles