ධනවත්කමේ පාඩම.

මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම නැත. මගේ මිතුරන්ගේ තාත්තලා සමඟ ඔහු සැසඳීම පවා මට වේදනාවකි.

මාසිකව ඔහු මට පොකට් මනි ලබා දුන්නේ ය. නමුත් ඒවාගෙන් කොටසක් මම ඒ මාසයේ ඉතිරි කිරීම් යැයි ආපසු දිය යුතු විය. එය කුඩා මට මහත් වේදනාවක් සහ කෝපයක් විය.

ඇයි අපි පෝසත් නැත්තේ..

දිනක් මම මහත් කෝපයකින් තාත්තාගෙන් විමසුවෙමි.

කවුද කියන්නේ අපි පෝසත් නෑ කියලා. පෝසත්කම මනින්නේ කොච්චර සල්ලි තියනවද කියන එකෙන් නෙවෙයි. අපි ඒවා වියදම් කරන විදියට.අපේ සතුටෙන්..”

තාත්තා එසේ පිළිතුරු දුන් මුත් මට සතුටක් නොවී ය. වැඩුණු මිනිසෙකු වන දා ඔහු මෙන් දුප්පත් ව හිඳින්නට මට උවමනා නොවී ය.

මහන්සි වී ඉගෙනුම ලැබූ මට ශිෂ්‍යත්වයක් ලබා ගැනීම, හොඳ රැකියාවකට පිවිසීම අසීරු වූයේ නැත.

තාත්තා මට දුරකථන ඇමතුම් ලබා දුන්නේ ය.

“ඔයා මේ අවුරුද්දේ ගෙදර එනවද පුතා?”

ඔහු අසන්නේ බලාපොරොත්තු සහගතව ය. නමුත් මට ඔහු මඟ හැරුණු අතර ඔහු මිය ගිය පසු මා නිවස වෙත ආවෙමි.

බඩුබාහිරාදිය පිරික්සන මට ළමා නිවාසයකට ආධාර කළ ලිපි කිහිපයක් හමු වූයේ අහම්බයකිනි. එහි තිබූ අංකයකට දුරකථන ඇමතුමක් දුන් මට ලැබුණු පිළිතුර මා එනතුරු ඔවුන් බොහෝ සතුටින් බලා සිටින බව ය.

නිලධාරිනියක මට හඳුන්වා දුන්නේ මගේ වයසෙහිම පසුවන රෝද පුටුවක හුන් තරුණයෙකි.

“ලිම්.. ඔයාගේ තාත්තා මට නිතරම ඔයා ගැන කිව්වා.”

මට පුදුමයකි.

ඔහු පවසන අන්දමට තාත්තා ජෝකර් කෙනෙකු ලෙස වෙස් වලාගෙන නිතරම එහි පැමිණ ඇත. දරුවන් හිනා වෙන්නට ඉගෙන ගෙන ඇත්තේ ඔහුගෙනි. ඔහු මව පියා අහිමි වූ, සිරුරේ කොටස් අහිමි වූ ආතතියට පත් දරුවන්‍ට සිනා අහුලා දුන් වීරයෙකි.

“ඔයාගේ තාත්තට ලොකු සල්ලියක් තිබ්බේ නෑ.. ඒත් එයා අපිට ආධාර දුන්නා. වැඩිහිටි නිවාස වල වැඩිහිටියන්ට කෑම අරන් දුන්නා. එයා හරිම පරාර්ථකාමි මනුස්සයෙක්”

තරුණයා සංවේදීව කියයි.

මා මහත් වේදනාවට පත් වූයෙමි. ඔහු මොනතරම් යහපත් මිනිසෙක් දැයි සිතා ගත නොහැක. අප පෝසතුන් නොවේ. නමුත් ඔහු හැකිතාක් බෙදා හදා ගත් මිනිසෙකි.

තාත්තාගේ උපන් දිනය එළඹිණි. ඔහුගේ ඇඳුම් අතරින් අර විහිළුකාරයාගේ ඇඳුම සොයා ගත් මම ළමා නිවාසයේ දරුවන්ට ඔහු නැති අඩුව පිරවූයෙම්.

ජීවත් වන බව මට දැනෙන්නට විය.

අපට අංග සම්පූර්ණ ජීවිතයක් ලැබෙන්නේ නැත. මොනතරම් මුදල් ලැබුණ ද ඇති වීමක් ද නැත. නමුත් අපට බෙදා හදා ගැනීමේ යහපත්කම වැටහේ නම් කෙනෙකුට හිංසා නොකර ඔවුන්ට හිනාවක් ගෙනෙන්නට හැකි වේ නම් මිනිසත්කම එය බව මම වටහා ගතිමි

තාත්තේ, ඒ ඔබ මට ඉගැන්වූ වටිනා පාඩමයි!

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...