මනීශා උත්සව ශාලාවෙන් එළියට ආවේ පිරුණු හැඟීමකින්.කිසිදු බාධකයක් හමුවේ නොනැවතී ඉදිරියට ආව මේ ගමන ඉදිරියටත් ඒ විදියටම යනවා කියලා ඇය හිතා ගත්තා.සුඛෝපභෝගී මෝටර් රථයට නැගුනු මනීශා ලොකු හුස්මක් අරගෙන පාළු මාවතේ ඉදිරියට මෝටර් රථය ධාවනය කලේ කල්පනා බර සිතින්.පාන්දර දෙකට ආසන්න වෙලා තිබුන නිසා ඉඳහිට යන වාහනයක් ඇරෙන්න පාරේ...
තනි වූ ගැහැනියකගේ ඇස අග කඳුළු ඇති බවත් ඒවා සීතල බවත් වටහා ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නොවේ.ඒ කඳුළු තමන්ගේ අභිමතයන් පහසුවෙන් ඉටු කරගන්නට පාරු පැදිය හැකි ගඟක්ව ගලන තුරු බලා සිටිනා වුන් ද අනන්ත ය.රූමත්කම පහව නොගිය වැන්දඹු තරුණිය කාර්යාලයේ දී රාජකාරි කරනවාට වඩා කල්පනා ලෝකයේ සැරිසරන බව වටහා...
ඔවුන් ගියේ ඇවිදින මං තීරු, හංසයන් පීනන පොකුණු සහිත උද්‍යානයකට ය. කොළ පාට ඇස් මත ලියැවී ඇති කතා ගොන්න වරින් වර තරුණයා ගේ අවධානය ට ලක් විය. මින්දුල ව ඇවිදවන්නට ත් ඔංචිලි පදවන්නටත් උපක්‍රමශීලී වෙත්දී ඒ ඇස් මත වූ බලාපොරොත්තු සහගත ප්‍රීතියට යටින් ලොකු දුකක් තදින් ඇලවී තිබුණේ ය....
දූට කරන්න හොඳ ඉංග්‍රීසි පාඨමාලාවක් ගැන අදහසක් ගන්න මං අන්තර් ජාලයෙ සැරිසැරුවා. ජාත්‍යන්තර ව පිළිගත් සහතික පත්‍ර විභාග වලට දරුවන් යොමු කරන ඒ වගේ පන්තියකට මං ගියේ හිතවතියක් එක්ක. ඒ පන්තියෙ පාඨමාලා ගාස්තු ටිකක් වැඩියි. පන්තියෙන් පිටතට ආපු ගමන් මගෙ හිතවතී ඒ ගැන කතා කළේ එ් කරම් පැහැදීමකින්...
"ඔයා ඔය ඇඳන් ඉන්න ගවුම හරි ලස්සනයි දිව්‍යා.."
නුවන් මට කියන්නේ ආදරණීය හඬකින්.ඇත්තටම තමන් ආදරය කරන කෙනා අතින් ඒ වගේ කතාවක් අහනකොට ඕනෑම ගෑනු ළමයෙකුට දැනෙන සතුට මටත් දැනෙන්න පටන් ගත්තා.මම නුවන් දිහා බැලුවේ ආදරේ පුරවාගත්ත ඇස් දෙකකින්.ඒත් නුවන් මගේ ඇඟිලි වලින් අල්ලාගෙන ඊළඟට කියන්න ගත්තේ මහා පුදුමාකාර කතාවක්.
"ඒ වුණාට...
"දැන් මාස කීයක්ද? අක්කා රිකවර් වෙන්න ඕන දැන්.එයා පොඩ්ඩක්වත් ශක්තිමත් නෑ.ඒකයි මෙතන තියන අවුල.."
භාවනා එසේ කියද්දී මාලිකා ඈ දෙස බැලුවේ ශෝකය සහ කෝපය අතරමැද තැනක තබමිනි.
"ඔයාලා ඉස්කෝලෙත් ගිහිං ඉවර කාලේ තාත්තා නැති වුණේ.අනිත් එක ඒකත් කැන්සර් එකකින්.මම හොඳටම දැනගෙන හිටියා තාත්තා නැති වෙනවා කියලා.ඒත් මට තාමත් තාත්තා මතක් නොවෙන...
විකුම් ඈ වෙතින් ඉතා වේගයෙන් ඈත් වෙමින් හිඳිනා බව ආදිත්‍යා ට දැනිණ. ඇය අභ්‍යන්තර වශයෙන් දැඩි කම්පනයකට ලක් වූවා ය. එය දරා ගත නො හැකි දුකකි. වාවා ගත නො හැකි ආත්ම අසරණ කමකි.
විකුම් ඇය ට පෙම් නො කරනා බව ආදිත්‍යා මුල සිට ම දැන සිටියා ය. ඔවුන් දෙදෙනා අතරේ...
මධූකා මහන්සියටම ඇඳේ ඇලවුණා. දවස් පුරාම අමිත් සමඟ ඇඳුම් මිලදී ගැනීමට ටවුම පුරා ඇවිදපු මධූකාගේ හිතේ මහන්සියටත් වඩා තිබුණේ මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක්.ඉතා වටිනා මංගල සාරියක් අතට ගෙන අමිත් කිව් කතාව ඇයගේ හිතට තවත් වේදනාවක් ගෙනාවා.
"ඔයාට මේ වගේ සාරියක් අන්දවල ගමට එක්ක යන්නයි මම හිතුවේ…ඒත් මොනවා කරන්නද…?"
දිඟ හුස්මක් හෙලූ අමිත්...
"රෑට කන්න මොනවාහරි අරන් යංද කාව්‍යා.."
සකුණ ගමනේ අර්ධයක් පසු කරද්දී ඇසුවේ දැඩි නිහඬතාවය බිඳින්නට ය.කාව්‍යා කියන්නේ කිරිල්ලක බඳු යුවතියකි.ඇයට කියවන්නටත් හිනැහෙන්නටත් ඕනෑතරම් කාරණා තිබිණ.නමුත් දැන් ඇය අවශ්‍ය දෙයක්වත් කතා නොකරන තරම් ය.
"අම්මා උයලත් ඇති.."
කාව්‍යා කියන්නේ සිහින් හඬකිනි.අද භාවනාගේ උපන්දිනයට මහන්සියෙන් සහ ආදරයෙන් අම්මා පිසූ ආහාර දෙස භාවනා ඇහැක් ඇර...
වරුණි උදේ ඇහැරුනේ කිරිබත් සුවඳ නාස් පුඩු වලට දැනෙන කොට.පුංචි කාලේ ඉඳලම කිරිබත් කන්න ආස කරපු වරුණි සමහර දවස්වල රෑ කෑමටත් අම්මගෙන් කිරිබත් ඉල්ලුවා.උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටපු වරුණි මේ ගෙවෙන දවස් වලට ආස කලේ වෙනදට වඩා වැඩි කාලයක් ගෙදර ඉන්න ලැබෙන නිසා
" අද තාත්තාගේ උපන්දිනේ පුතේ "
කුස්සියට...