Tag: පෙමාතුර

pemathura
සුදු පාට සිවිලිමත් වේගයෙන් කැරකෙන සිවිලින් ෆෑන් එකත් පමණක් මගේ දර්ශන පථයට හසු වී තිබිණ. වායු සමීකරණය ක්‍රියාත්මක කොට විදුලි පංකාව ද කැරකෙන්නට හැර තිබුණා වී ද මගේ සිරුර දහදියෙන් තෙමී ඇති බවක් මට දැනේ. මේ ග්‍රීෂ්මයට අදාල දාහයක් ද? අග්‍රා වල වාර්ෂික උෂ්ණත්වය වැඩි ම කාලය මැයි, ජුනි...
pemathura
ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක් වෙන්න විදිහක් නෑ. ඔයා වෙනුවෙන් ඕන ම දෙයක් අත් අරින්න මං සූදානමින් හිටිය බව ඔයා දන්නව. ඒක බොරුවක්, මවා පෑමක්, රඟපෑමක් නෙවෙයි. මගෙ හදවතට දැනුණ ඇත්තම ඇත්ත.එහෙම තියෙද්දිත් ඔයා මේ විදිහට...
pemathura
මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ් ලැගේජය අසුනට ඉහලින් වන කැබිනට් එකෙහි බහා ලූ මම කෙලවර අසුනේ හරි බරි ගැසී වාඩි වුණෙමි. කලබලකාරී ගුවන් මගීහු සිය අසුන් සොයා යමින් සිටියහ. මඳ වෙලාවක් එදෙසට...
pemathura
කොයි තරම් වෙලාවක් මා විසල් ව තදින් වැළඳ ගෙන සිටියා දැයි මම නො දනිමි. හරියට ඒ කල්ප කාලයක් තිස්සේ මගේ යටි හිත පතමින් සිටි වැළඳ ගැනීමක් සේ ය. තව ආත්ම කීයකට මට ඔහු මගහැරේවිද කියා මා දන්නේ නැත. ඒ නිසා මතක නිධානයෙහි ඔහු සුරැකි ව තැන්පත් කර ගත යුතු...
pemathura
මගේ ඉකිළුම සන්සුන් වන තෙක් අම්මා මහිස පිරිමදිමින් වෙලාව ගත්තා ය. එය වූ කලී වියෝගය ගැන සුවාසු දහසක් හැඟුමන් එකිනෙක ගැටී හද බිත් බිඳෙමින් ද සිහින් රුධිර කේෂ නාලිකා පුපුරා යමින් ද මා එක ම වේදනා පොදියක් බවට පත් ව තිබි මොහොතකි. අම්මා ගේ නයිටින්ගේල් දෑත් මගේ ආත්මය පුරා...
pemathura
නදීරා විසින් අපේ ගෙදරට විසල් ව කැඳවන ලදී. සත්තකට ඒ වෙලාවේ මා හිටියේ ගිනි උඳුනක් ඇතුළේ යයි කිව හැක. විසල් ගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක් විය. නමුත් ඒවා යේ කිසිදු බියක් හෝ චකිතයක් නොවූ බව මට විශ්වාස ය. ඔහු ආවේ ඕනෑ ම තත්වයකට මුහුණ දෙන්නට බව මම හැඳින ගතිමි. පරිසරයේ වූයේ...
pemathura
මගේ දොරකඩ ඉෂිනි සිටියේ බීර කෑන් දෙක තුනක් තුරුලු කර ගෙන ය. ඒ දුටු මගේ ඇස් විසල් විය. සාමාන්‍යයෙන් අපේ ශීතකරණයේ බීර හිඟ වන්නේ නොවේ. නදීරා නිතර ද සනෝජා පුංචි ඉඳ හිට ද බීර බීහ. අම්මා එසේ කරනු මා දැක නැත ද ඇය එවැන්නක් අනුමත නොකරන්නියක ලෙස මම පූර්ව...
pemathura
ජීවිත වල ස්වභාවය වෙනස් වන්නට එක තත්පරයක් ප්‍රමාණවත් ය. සුළු වෙලාවක දී ජන ජීවිතය ද බිහිසුණු ලෙස වෙනස් විය. ගැහැනු ගෙදර ගැහැනුන් රූපවාහිනිය ඉදිරියට වී බලා සිටියේ වේදනාවට පත් හදවතිනි. ඔවුන් ගේ සමීපතමයන් කිසිවෙකුත් අරගල භූමියෙහි නොවුණා ට හැම හිතක ම වූයේ කම්පාවකි. කිසිවෙකු ට අවැඩක් නොවේවා යි පැතුමකි....
pemathura
විරංග අප හමුවට ආ නිමේශයේ මගේ හද ගැස්ම වැඩි වූ බව කිව යුතු ය. සිය ජීවිතයට වඩාත් ම සමීප පිරිමින් දෙදෙනෙකුට එක වර මුහුණ දෙන්නට වීමේ දී ඒ වාගේ ගැස්මක් ඕනෑ ම ගෑනු ළමයෙකුට දැනිය හැකි ද කියා මා දන්නේ නැත. අනිත් අතට හොර හිතක් කිසි සේත් මා කෙරේ...
pemathura
ඉෂිනි අපේ ගෙදර නතර වන්නට ආවාට පස්සේ, විසල් හමු වීමේ අවදානම මට හොඳට ම වැටහී තිබිණි. ඇය විසල් වෙනත් තරුණියක පිළිබඳ සිතකින් පසු වෙනවා යි අනුමාන කළා ට ඒ මා බවට සැක නොහිතනා බව ඉක්මනින් ම මට පසක් විය. ඇය මගේ හිතවත්කම විශ්වාස කළා ය. අන්න ඒ හේතුව මත...