Tag: Emotional Stories

"ටීච…" ටියුෂන් පන්තිය ඉවර කරලා ගේ ඇතුලට යන්න ආව මට හීන් හඬක් ඇහුණේ පන්තිය මුල්ලකින්.මං හැරිලා බැලුවේ ඒ නිසා.සනායා බලාගෙන ඉන්නේ ඇඬුම්බර මුහුණකින්.අටේ පන්තියේ පුංචි කෙල්ලෙකුට ඇඬුම්බර මුහුණක් එන්න විවිධ හේතු තියෙන්න පුලුවන් නිසා මං සනායාට කිට්ටු වුණේ ප්‍රවේසමෙන්. "ඇයි දූ..ප්‍රශ්නයක්ද?" සනායා මං ළඟට ආවේ රොබෝ කෙනෙක් වගේ.ඊටත් පස්සේ එයාගේ කම්මුල් දිගේ...
"මේ මගේ අල්මාරියේ යතුර.." අත්තම්මා චමුදි අතට යතුරක් දෙන ගමන් කිව්වා.චමුදි ඒ යතුර ගන්න බයකින් වගේම ලැජ්ජාවකින් ඇඹරෙනකොට අම්මා එතනට ආවේ සන්සුන් හිනා කටක් පුරවාගෙන. "මොකක්ද පුංචි අම්මේ ඔය?" අම්මා චමෝදි අතේ තිබුණු යතුර දිහා විමසිල්ලෙන් බලන ගමන් ආත්තම්මාගෙන් ඇහුවේ කරුණාවෙන්. "මගේ අල්මාරියේ යතුර නිලූකෝ.මං නැති දවසක ඒකේ තියන රත්තරන් බඩු ටික චමුදි...
අලුත් ගෙදර ඇවිත් බඩුමුට්ටු අස්පස් කරගෙන ඉවර වෙලා මම මිදුලට බැස්සේ අකිලට ඇමතුමක් ගන්න.අලුත් ගෙදර විස්තරත් මහන්සියේ තරමත් කියමින් මිදුල අයිනේ සුදු ලී වැට ගාව බංකුවෙන් ඉඳගත්තු මම වැට මායිමට ඉව අල්ලන ෂැඩෝට අවධානය දෙන්න ගත්තා. එයා ඉව අල්ලන්නේ කාට හරි! අකිලගේ ඇමතුම අවසන් කරලා ඒ දිහා බලනකොට තවම තාරුණ්‍යය පහව...
අපේ ඉස්කෝලෙට අලුත් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ආව දවසේ පුරුදු විදියටම අපේ ස්ටාෆ් එක ටිකක් කලබල වුණා.කලින් හිටපු වීරක්කොඩි සර් බොහොම හොඳ ගුරුවරයෙක් සහ යහපත් විදුහල්පතිවරයෙක් හැටියට පළාතේ හොඳ නමක් දිනා ගත්තු කෙනෙක්. "අපේ ලොකු සර් හදපු ඉස්කෝලේ මැඩම් කෙනෙක් ඇවිල්ලා විනාස කරයිද මන්දා." ජානක සර් එහෙම කියද්දී මට නම් ආවේ තරහක්.ගෑනු...
Hugging
රුවන් අතින් ගිලිහී ගිය කඩදාසි කොළ කැබැල්ල සුළඟට ගසාගෙන යද්දී ඔහු අඩිය ඉක්මන් ඒ දෙසට දිව ගියා. ඒත් සමඟම ඉදිරියට විශාල සායක් ඇඳගත්, විශාල තොප්පියක් හිසේ පැළදි ඉඳලක්ද අතින් ගත්,  වයස අවුරුදු හැට පහක් පමණ වූ කාන්තාවක්ද නැමී කොළ කැබැල්ල ගන්නට සැරසුණා. ඇයට පෙර රුවන්ගේ දෑත් ඉස්සර වුණා. "අනේ…එපා මහත්තයෝ…මම...
baby
"අම්මා ආවද හිමාල්?" දිග නින්දකට පස්සේ අවදි වුණු දිගැසි ඇහුවේ චූටි දූගේ තොටිල්ල ගාව වාඩි වෙලා ඇස් පිය නොහෙලා ඒ දිහා බලා ඉන්න සැමියාගෙන්.අලුත උපන් පුංචි බබෙක් දිහා කොච්චර බලන් හිටියත් මදි.හිමාල් දිගැසි දිහා බැලුවේ එහෙම හිතන ගමන්. "අපේ අම්මද දිගැසි? ඔයාට සුප් එකක් එහෙම අරන් එන්නම් කියලා දැන් ගියේ.මඟ එනවත්...
"අම්මේ..සරුංගලයක් හදලා දෙනවද?" පුංචි දෙනෙත් ඇවිල්ලා ගවුමේ එල්ලෙනකොට ගීතිකාට ආවේ කේන්තියක්. ඉරිදාට කරන්න මොනතරම් වැඩ තියනවද? ගේ අස් කරන්න,සතියේ දවස්වලට උයලා තියන්න,රෙදි හෝදලා නාගන්න,වෙලාවක් තිබුණොත් ෆේස් පැක් එකක්වත් දාගන්න. ගීතිකාගේ ලිස්ට් එක තව දිගයි.ඉතින් දෙනෙත් කියන දේ නෑහුණා වගේ ඉන්න ගීතිකාට හිතුණා. "තාත්තට කියන්න පුතේ.." දෙනෙත් ඉල්ලීමත් අරන් තාත්තා ගාවට ගියා.ඒත් නදීකට...
"අම්මා ආයේ එන්නෙ නැද්ද ආන්ටි.." මං ගැස්සුණේ ඒ හඬට.භාවනාගේ පුංචි දුව මගේ අතින් අල්ලාගෙන අහන්නෙ අපිට උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්නයක්.ඇත්තටම උත්තර නැති ප්‍රශ්නයක්. "අපි බලන් ඉමුකො පුතේ.අම්මා එයි.." මං එහෙම කිව්වේ කරන්න දෙයක් නැතිකමට.බොරු කියලා පුංචි දුව රවට්ටන එක හොඳද, එහෙම කියන එක ළමා මනෝ ව්ද්‍යාවට මොනතරම් ගැලපෙනවද වගේ දේවල් මට...
"පුතා කොහෙහරි යන්නද?" කොහෙහරි යන්න ඇඳපැළඳගෙන පෝටිකෝවට ආව දේවකගෙන් නිමල් ඇහුවේ පුරුද්දට වගේ.අවුරුදු විසි හතක ඉලන්දාරියෙක්ගෙන් එහෙම අහන්න අවශ්‍ය නැහැ.ඒත් මේ තාත්තා පුතා බැඳීම නිසා අහන ප්‍රශ්න බව දේවකත් දන්නවා. "ඔලුව හැරුණු අතේ ගිහින් දවල්ට කන්නත් කොහෙන්හරි හොයන් එනව තාත්තේ.අද අම්මා අපිව ගණන් ගන් නෑනේ.." දේවක කියන්නේ මහා හයියෙන්.නිමල් පත්තරයෙන් ඇස් අයින්...
ජීවිතය ඉතාමත්ම අනියත තත්වයට පැමිණ තිබේ.විද්‍යාව තවමත් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් මාරයා සමග සටන් වදී.වෛද්‍ය වෘත්තිය ඇතුලු සෞඛ්‍ය සේවාවන් මෙතරම් වේදනාකාරි ,අවිනිශ්චිත රැකියාවක් බවට ඉතිහාසයේ කවර කලෙකවත් නොතිබෙන්නට ඇත. “සමායා,මාව කෝවිඩ් වාට්ටුවෙ ඉන්චාජ් කරල.පුතායි ඔයාවයි රිස්ක් එකකට දාන්න මට බැහැ.ඒ නිසා මම ක්වාටස් වලම නවතින්නම්.අම්මල ඉන්න නිසා ඔයාලට බයක් නැහැනෙ.බඩු මුට්ටු,අවශ්‍ය...