කුශ්බු සුන්දර් ඉපදුනේ 1970 සැප්තැම්බර් 19 වෙනිදා ඉන්දියාවේ මහරාශ්ට්‍ර ප්‍රාන්තයේ බොම්බේ වලදි.කුශ්බු කියන්නෙ නිළියක්. නිළියක් විතරක් නෙවෙයි එයා දේශපාලනයේත් යෙදෙනවා. කුශ්බු රඟපාපු චිත්‍රපට ගත්තම Chinna Thambi (1991), Irattai Roja (1996) and Kaalia (1981) කියන චිත්‍රපටි හඳුන්වන්න පුලුවන්.
කුශ්බුගෙ ළමා කාලය
කුශ්බුට ඉන්නවා සහෝදරයො තුන්දෙනෙක්. අබ්දුල්ලා, අබු බකර් සහ අලි තමයි එයාලගෙ නම්. අබ්දුල්ලා කියන්නෙත් නලුවෙක්. කුශ්බුගෙ අම්මගෙ නම නජ්මා ඛාන්. කුශ්බුගෙ තාත්තා හේමා මාලිනීගෙ අම්මා වෙන ජයා චක්‍රවර්තිව දැන අඳුරගෙන තියෙනව වගෙම තමන්ගෙ ලොකු පුතා එක්ක ජයාගෙ ගෙදර නිතර ගිහිල්ලා පවා තියෙනවා. තාත්තට ඕනවෙලා තියෙන්නෙ චිත්‍රපට කර්මාන්තෙට එක්කහුවෙන්න.මෙහෙම ඉන්න දවසකදි එයා ජයා එක්ක නිකන් කියල තියෙනව තමන්ට දුවෙක් ඉන්නවා කියලා. එවෙලෙ ජයා කියලා තියෙනවා “මම ආසයි දුවව දකින්න” කියලා.ඒ විදියට තමයි ජයාට කුශ්බුව දකින්න ලැබෙන්නෙ.
කුශ්බුව දකින ජයා හරිම සන්තෝස වුනාලු එයාව දැකලා. ඒ විතරක් නෙවෙයි එයා කුශ්බුව රවි චොප්‍රට අඳුන්වල දීලා කුශ්බුට රඟපාන්න චිත්‍රපටයකුත් හොයලා දීලා තියෙනවා.
ඒ විදියට තමයි කුශ්බු සිනමාවට එක්කහු වෙන්නෙ.
කුශ්බු විදියට වෙනස් වෙච්ච නකත්
ඒ වගේ ගමනක් එන කුශ්බු කාලයක් දකුණු ඉන්දීය සිනමාවෙ උන්නු ජනප්‍රියම තාරකාවක් බවට පත්වෙනවා. කුශ්බුව කන්නඩ, මලයාලම් සිනමාවෙ dream girl විදියට පවා කට්ටිය ඒ කාලෙ හඳුන්වලා දීලා තියෙනවා.කුශ්බුගෙ ඇත්ත නම නකත් ඛාන්.
Child artist කෙනෙක් විදියට කුශ්බු මුලින්ම රඟපාන්න එන්නෙ Burning Train කියන චිත්‍රපටයේ. මේ චිත්‍රපටයෙදි තමයි නකත්ගෙ නම කුශ්බු විදියට වෙනස් වෙන්නෙ සහ ඒ නම එයා හිතුවෙවත් නැති විදියට එයාට වාසනාව අරගෙන එනවා. යාන්තම් අවුරුදු 14 වෙද්දි කුශ්බුට පුලුවන් වෙනවා Jaanu, Tan Badan සහ Meri Jung කියන චිත්‍රපටිවල වැඩිහිටි චරිත රඟපාන්න.
අවුරුදු දාසයෙදි තමයි මුම්බායි වල උන්න කුශ්බුව චෙන්නායි වලට අරගෙන එන්නෙ. එහෙදි තමයි එයා එයාගෙ පලවෙනි තෙලිගු චිත්‍රපටය වන Kaliyuga Pandavalu කියන චිත්‍රපටයෙ රඟපාන්න එන්නෙ.1988 දි කුශ්බුට පුලුවන් වෙනවා එයාගෙ පලවෙනි දෙමල චිත්‍රපටය වන Dharmattin Thaliavan වල රඟපාන්න පුලුවන් වෙනවා. මේ චිත්‍රපටයෙදි කුශ්බුට රඟපාන්න වෙන්නෙ ඉතාම ජනප්‍රිය නලුවෙක් වෙන ශිවාජි ගනේශන්ගෙ පුතා වෙන ප්‍රභු එක්ක. එතනින් පස්සෙ runway hit එකක් වෙන 1991 ආව Chinna Thambi කියන චිත්‍රපටයටත් සම්බන්ධ වෙනන් කුශ්බුට පුලුවන් වෙනවා. මෙතනදි තමයි කුශ්බු ප්‍රභූ එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ.
කුශ්බු සහ ප්‍රභූගේ කතාව
Chinna Thambi කියන චිත්‍රපටය අතරවාරෙ තමයි මේ සම්බන්ධෙ පටන් ගන්නෙ. කුශ්බු එක්ක යාලුවෙද්දිත් ප්‍රභූ කසාද බැඳලයි හිටියෙ.මේ නිසාම මේ අනියම් ආදර කතාව හැම මාධ්‍යයකම වගේ සිරස්තල උණුසුම් කරන්න හේතු උනා.ඒ නිසාම මේ දෙන්න රඟපාපු චිත්‍රපටි blockbuster level එකට යන තරම් මිනිස්සු බලන්න පටන් ගත්තා.මිනිස්සු නම් මේකට කැමති උනාට ප්‍රභූගෙ ගෙදරින් නම් මේකට ලොකුම ලොකු විරුද්ධත්වයක් තමයි ආවෙ.
මෙහෙම ඉද්දි 1993දි මාධ්‍යවලට දැනගන්න හම්බෙනවා මේ දෙන්න එකට ජීවත්වෙන්නත් පටන් අරගෙන කියලා. ඒ වගේම මේ දෙන්න විවාහ වෙලා ඉන්නෙ කියලා කතන්දර, ආටිකල් එහෙමත් සැරිසරනවා. හැබැයි මේ දෙන්නා ඒ කතන්දර වලට නම් කිසිම උත්තරයක් දෙන්නෙ නෑ.
මේ විස්තර දැනගත්ත ගමන් ප්‍රභූගේ තාත්තා වෙන ශිවාජි මේකට මැදිහත්වෙලා මේ සම්බන්ධෙ කඩලා දානවා. තාත්තා සීන් එකට එන්ටර් උනාට පස්සෙ ප්‍රභූටත් කරකියාගන්න දෙයක් නැතිවෙනවා. මේ ගැන අවුරුදු විස්සකට පස්සෙ කතා කරන කුශ්බු කියනවා “මීට අවුරුදු විස්සකට විතර කලින් වෙච්ච දෙයක් ගැන දැන් කතාකරලා වැඩක් නෑ.අපි දැන් වැඩිමහල් මිනිස්සු සහ අපි එකිනෙකාට ගරුකරනවා. ආයෙ ඔය කතා ඇදගෙන මට කාටවත් රිද්දන්න ඕන නෑ” කියලා.
ජීවිතේ කටු යහනක්
කොච්චර ජනප්‍රිය දක්ශ නිළියක් උනත් කුශ්බුට පොඩි කාලේ ඉඳලම ජිවීතේ හරිම දුක්බර විදියට තමයි ගෙවන්න වෙන්නෙ. මේ හැමෝගෙම dream girl වෙච්ච කුශ්බු පොඩිකාලෙදි එයාගෙ තාත්තා අතින්ම ආතවරයට ලක්වෙලා තියෙනවා.
ඒ එයාට වයස අවුරුදු අටේදි විතර. හැබැයි ඒ ගැන බය නැතුව කතාකරන්න එයාට පුලුවන් වෙලා තියෙන්නෙ අවුරුදු දාහතර වගේ වයසකදි. එයා එක interview එකකදි මෙන්න මේ වගෙ දෙයක් තමා කියන්නෙ.
“මගේ තාත්තා මාව ලිංගික අඩත්තේට්ටම් වලට ලක්කරා වගේම මගේ සහෝදරයන්ට පහරදීලා අඩත්තේටම් කරලා තියෙනවා.තාත්තා එයාලට බෙල්ට් වලින් එහෙම ගහලත් තියෙනවා. අම්මටත් එහෙමමයි එයා සැලකුවේ.පොඩිකාලෙ ඉඳලම මම ජීවත් උනේ ඒ වගේ වටපිටාවක”
“මම හරියට බය උනා මුල් කාලෙදි තාත්තා මට මෙහෙම කරනව කියන එක කාටවත් කියන්න. මොකද ඒකෙන් එයා තවත් තරහා ගිහින් එහෙම කරාවි කියලා මම හිතුවා. ඒ උනාට චෙන්නායි වලදි මගේ hair dresser ට ඒක තේරිලා තමයි මම ඊටපස්සෙ ඒ ගැන කතාකරන්න හිතුවෙ.එයා තමන්ගෙ දරුවො හදාගෙන උන්න අම්මා කෙනෙක්. එයාට තේරිලා තිබ්බා අපේ තාත්තගෙ වෙනස් හැසිරීම.එයා තමයි මට කියල දුන්නෙ තාත්ත මට සලකන විදිය වැරදියි කියලා”
කුශ්බුට හමුවන සුන්දර්
2000 අවුරුද්දෙදි තමයි කුශ්බු ඩිරෙක්ටර් කෙනෙක් වගේම ප්‍රඩියුසර් කෙනෙක්වෙන සුන්දර් සීව කසාද බඳින්නෙ.මේ දෙන්නට අවන්තිකා සහ ආනන්දිතා කියලා දූලා දෙන්නෙක් හම්බෙනවා. සුන්දර් කියන්නෙ හින්දු කෙනෙක් උනත් කුශ්බු තමන්ගෙ ආගම වෙනස් කරන්නෙ නෑ කසාදෙ නිසා. 2006 දි කුශ්බි කියනවා එයා නිරාගමික කෙනෙක් කියලා.
producer, actor, presenter, screenwriter, social media personality වගේ ගොඩක් භූමිකා කරපු කුශ්බු දේශපලනයට පිවිසෙන්නෙ 2010 දි.
මුලින්ම DMK පක්ශෙට ගියාට පස්සෙ එයා කොංග්‍රස් පක්ශෙට ගිහින් කතා නායක කෙනෙක් වෙනවා. 2020 දි එයා භාරත ජනතා පක්ශෙට එකතුවෙනවා. දැන් එයා ඒකෙ National executive committee එකේ ඉන්නවා.
ඉතින් කුශ්බුගෙ කතාවෙන් අපිට කියන දෙයක් තියෙනවා. ඒ තමයි
“ජීවිතේ මොන තරම් හැල හැප්පීම් උනත් නොවැටී ගමනක් යන්න අපිට හිතේ හයිය මාර වැදගත් කියන එක” ජීවිතේ කොච්චර ප්‍රශ්න වලට මූණ දුන්නත් කුශ්බු පුදුම හිතේ හයියකින් තමයි එයාගෙ ගමන ඉස්සරහට ගියේ.
ReplyForwardAdd reaction |