විටමින් D කියන්නෙ අපේ ශරීරයට ඉතාම වැදගත් වෙන විටමින් වර්ගයක් කියලා අපි ඉගෙන ගත්තෙ හරිම පොඩි කාලෙදිනෙ. අස්ථි සහ දත් වර්ධනයට උදව් කරන්නෙ විටමින් D කියලා අපි දන්නවා. ඒ වගේම ඒකට සමහර රෝග වලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිරෝධයක් තියෙනව කියලත් තියෙනවා.
විටමින් D කියන්නෙ D1, D2,D3 සංයෝග පවුලකට අයිති මේද්‍ර ද්‍රාව්‍ය විටමින් වර්ගයක්. අපිව ස්වභාවික හිරු එළියට open වෙද්දි අපේ ශරීරය විටමින් D නිපදවනවා. ඊට අමතරව අපේ රුධිරයේ විටමින් D මට්ටම ඕන ගානට තියාගන්න අපිට ආහාර වලින් වගේම අතිරේකව විටමින් D ලබාගන්න පුලුවන්කම තියෙනවා.
විටමින් D වලින් ශරීරයට අත්‍යවශ්‍ය දේවල් කිහිපයක්ම කෙරෙනවා. කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය නියාමනය කිරීම ඒවයින් ඉතාම වැදගත් එකක්. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පහසු කරන එකත් මේවයින් එකක්. අස්ථි සහ දත් වල සාමාන්‍ය වර්ධනයට වගේම සමහර රෝග වලට ප්‍රතිරෝධය වැඩි දියුණු කරන්න විටමින් D ඉතාම උපකාරී වෙනවා.
1.රෝග වලට එරෙහිව සටන් කරනවා
· බහු ස්ක්ලේරෝසිස් (MS) අවදානම අඩු කරනවා: 2017 කරපු පරීක්ෂණේකින් හොයාගත්ත දෙයක් වුනේ විටමින් D අඩු වෙන එක බහු ස්ක්ලේරෝසිස් (MS) අවදානම වැඩි කරන්න හේතු වෙනවා කියලා.
· හෘද රෝග ඇතිවීමේ අවස්ථාව අඩු කරනවා: අඩු විටමින් D මට්ටම් අධි රුධිර පීඩනය, හෘදයාබාධ හා ආඝාතය වගේ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන්න හේතු වෙනවා. කොහොම උනත් විටමින් D ඌනතාවය හදවත් රෝග වලට කෙලින්ම දායක වෙනවද එහෙම නැත්තම් නිදන්ගත රෝගයක් තියෙද්දි ඒක වැඩිවෙන්න හේතුවෙනවද කියන එක තාම හොයාගෙන නෑ.
· දරුණු රෝග ඇතිවීමේ සම්භාවිතාව අඩු කරනවා: විටමින් D දරුණු උණ සහ COVID-19 වගේ රෝග අඩු කිරීමට හේතු වෙනවා කියලා කියනවා. මෑත කාලීන සමාලෝචනයකින් හොයාගෙන තියෙනවා අඩු විටමින් D මට්ටම් උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමයට දායක වෙනවා කියන එක.
· ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යයට උදව් වෙනවා: අවශ්‍ය තරමට විටමින් D නැති අයට රූමැටොයිඩ් ආතරයිටිස්, පළමු වර්ගයේ දියවැඩියාව සහ බඩවැල් රෝග වගේ ආසාදන වගේම ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතිවෙන්න ලොකු අවධානමක් තියෙනවා.
2.Mood එක regulate කරන්න සහ depression අඩු කරන්න
Mood එක regulate කරන්න සහ මානසික අවපීඩනයේ අවදානම අඩු කරන්න විටමින් D වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා කියන එක හොයාගෙන තියෙනවා. මිනිස්සු 7534 යොදාගෙන කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා negative feelings තිබුණ අයගෙ ඒ අදහස් වෙන්න වෙන්න විටමින් D උදව් වෙනවා කියන එක. විටමින් D අතිරේකය මානසික අවපීඩනයෙන් පෙළෙන අයට සහ විටමින් D ඌනතාවයක් තියෙන අයට උපකාර කරනවා.
ඒ වගේම අඩු විටමින් D මට්ටමක් රුණු ෆයිබ්‍රොමියල්ජියා රෝග ලක්ෂණ, කාංසාව සහ මානසික අවපීඩනය ඇතිවෙන්න හේතුවෙනවා කියල හොයාගෙන තියෙනවා.
3.බර අඩු කරගන්න උදව් වෙනවා
ඕනවට වඩා බර අයට මේ විටමින් D අඩුවීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර පරීක්ශන වලින් මේ බර වැඩිවීම සහ විටමින් D අඩුවීම අතර සබඳතාවයක් තියෙනවා කියල හොයාගෙන තිබ්බත් ඒක තාම හරියට verify කරගෙන නෑ.
අතිරේක කැල්සියම් සහ විටමින් D ආහාර රුචිය මර්ධනය කරන්න හේතුවෙනවා කියන එක හොයාගෙන තියෙනවා.
විටමින් D ඌණතාවය
හිරු එළියෙන් විටමින් D ස්වභාවිකව ලබාගන්න එකට බලපාන්න පුළුවන් හේතු කාරණා කීපයක් තියෙනවා, මෙන්න මේ පහත සඳහන් කරුණු ගැන ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.
· අධික දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වීම
· හිරු ආවරණ භාවිතා කිරීම
· වැඩි කාලයක් ගෘහස්ථව ගත කිරීම
· ගොඩනැගිලි හිරු එළිය අවහිර කරන විශාල නගරයක ජීවත් වීම
· අඳුරු සමක් තිබීම (මෙලනින් මට්ටම වැඩි වන තරමට ඔබේ සමට අවශෝෂණය කරගත හැකි විටමින් D අඩු වේ)
ඔයාගෙ ශරීරයට විටමින් D අවශ්‍ය බව පෙන්වන ලක්ෂණ මොනවද?
වැඩිහිටියන් අතරෙ තියෙන විටමින් D ඌණතාවය පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක්ම තියෙනවා.
· වෙහෙස, කැක්කුම සහ වේදනාව
· දරුණු අස්ථි හෝ මාංශ පේශි වේදනාව හෝ දුර්වලතාවය
· විශේෂයෙන් කකුල්, ශ්‍රෝණිය සහ උකුල් වල ආතති අස්ථි බිඳීම්
සරල රුධිර පරීක්ෂණයක් කරන එකෙන් ඔයාට මේ විටමින් D ඌණතාවය තියෙනවද කියල දැනගන්න පුලුවන්.ඒ වගේම අස්තිවල ශක්තිය පරීක්ෂා කරගන්න ස්කෑන් කරලත් පුලුවන්.
විටමින් D දිනපතාම ලබාගන්න එක හොඳද?
ඔයාට විටමින් D ඌණතාවයක් තියෙනව කියල හඳුනගත්තොත් නම් ඩොක්ටර් කෙනෙක් ඒක අතිරේකව ලබාගැනීම නිර්දේශ කරන්න පුලුවන්. දරුණු ඌනතාවයක් තියෙනවනම් එයාලා ඒ වෙනුවට ඉහළ මාත්‍රාවකින් යුත් විටමින් D පෙති හෝ දියර වර්ග නිර්දේශ කරන්න ඉඩක් තියෙනවා.
ඒ කොහොම වුණත් හිරු එළිය සහ ආහාර වලිනුත් විටමින් D ලබාගන්න ඕන කියන එක අමතක කරන්න එපා.
ඕනවට වඩා විටමින් D වැඩිවෙන එකත් ගැටලුවක්. හැබැයි අපිට ඕනවට වඩා විටමින් D ලබාගන්න පුලුවන් අතිරේකව විතරයි මොකද හිරු එළියෙන් එහෙම ලැබෙන විටමින් D ප්‍රමානය නියාමනය වීමක් සිදුවෙන හන්දා. එහෙම ගැටලු අතරේ විටමින් D විෂ වීම රුධිරයේ කැල්සියම් මට්ටම් වැඩි වීමට හේතුවෙනවා. මීට අමතරව,නිතර මුත්‍රා කිරීම,උදාසීනත්වය, වමනය, උදරයේ වේදනාව, විජලනය, ව්‍යාකූලත්වය, පිපාසය වැඩි වීම වගේ ප්‍රශ්නත් ඇතිවෙන්න මේක හේතුවක් වෙනවා.
විටමින් D තියෙන කැම වර්ග මොනවද?
සමහර ආහාර වල විටමින් D ස්වභාවිකවම අඩංගු වෙනවා. අනිත් කෑමවල ඒව අඩංගු කරලා තියෙනවා. සැමන්, සාඩින්, හුරුල්ලන්, ටින් කළ ටූනා, කෝඩ් අක්මා තෙල්, හරක් මස් අක්මාව, බිත්තර කහ මදය, සාමාන්‍ය හතු වල විටමින් D අඩංගු වෙනවා.