(අ)හිමි සිහින -74

මම ජීවිතයේ ඉතා සුන්දර සිදුවීමක් ලියා තැබූ නමුත් ඔබෙන් එක් ප්‍රශ්නයක් මතුවන බව මම දන්නවා.ඒ ප්‍රශ්නය වර්තමාන ලෝකයේ වඩාත් හොඳින් ගැටළු දෙස බලන ඒවායේ විසඳුම් හොයා ගත හැකි තැන් ගැන බුද්ධිමත්ව සිතා බලන ඔබෙන් මතුවීමත් අතිශය සාමාන්‍ය කාරණාවක්.

“ඇත්තටම ඔයා ජීවිතයේ පාඩම් වලින් මට්ටු වෙන්නේ නැද්ද?සුදාරකගේ කතාව සම්පූර්ණයෙන්ම ඛේදාන්තයක් වුණත් ඔයා අසංක නිසා මට්ටු උනේ නැද්ද? චමල් එක්ක විවාහ වෙලා දරුවෙකුත් හදන්න ඔයාට බයක් ආවේ නැද්ද?”

මට ලැබුණේ කියද්දී ඒ ප්‍රශ්නය අනිවාර්යෙන් මතුවන බවත් මීට කලින් ඒ ප්‍රශ්නය නාහපු අයත් නැවත නැවත මගෙන්‍ එය විමසන බවත් මම දන්නවා.මේ මගේ සත්‍ය ජීවිත කතාව නිසා අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් මට වගකීමක් තියෙනවා.ඇත්තටම අහිමි සිහින කියවන ඔබට මා සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සහ මගෙන් ඇසිය යුතු දේවල් SmartLady Facebook පිටුවේ කමෙන්ට්ස් ලෙස පළ වෙනවට මම බොහොම කැමති බවත් නොකියාම බැහැ.

මම රස්සාව සම්බන්ධයෙන් බොහොම බරපතල සහ නිර්භීත තීරණ ගත් ගැහැනියක්.නමුත් ආදරය සහ විවාහය සම්බන්ධයෙන් මගේ ගෑනුකම ක්‍රියාත්මක වෙන්නට ඇත්තේ එහෙමයි.එක එක කාරණා සම්බන්ධයෙන් තේ බුද්ධිය වැඩ කරන්නේ විවිධාකාරයෙන්.මගේ චරිතයත් එහෙමයි.මම ආදරේ සම්බන්ධයෙන් තදබල විශ්වාස කළ ගැහැනියක්.මම අනුන්ගෙන් ණය වෙන්න අනුන්ගේ පහනෙන් එළිය බලන්නට අකමැති ගැහැනියක්.නමුත් ආදරය කරන කෙනෙකුට ජීවිතය වුණත් දෙමින් ඉවසන්න මට පුලුවන්.චමල් ගැන කියන්න තියෙන දේ ටිකක් වෙනස්.

“මේ මගේ තුන්වැනි දික්කසාදය වුණොත් මිනිස්සු මොනව කියයිද?”

මම මිනිස්සුන්ට බය නැහැ.නමුත් සමාජ අපවාද දරා ගන්න පුලුවන් සීමාවක් ඇති බව මට හිතුණා.නමුත් කාලයත් එක්ක මම කිසිම කෙනෙකුට බය නැතු මට්ටම කරා ආවා.අත්දැකීම් අපිව පරිණත කරනවා කියන්නේ අන්න ඒකට වෙන්න ඇති.

අනිත් කාරණාව චමල් දවසක හොඳ වෙයි කියන බලාපොරොත්තුව මගේ හිතේ කොණක තිබුණා.මම ඒ දේ විශ්වාස කළා.එය ගැහැනියක නොතැබිය යුතුම විශ්වාසයක් බව දැන් පරිණත ගැහැනියක හැටියට මම ළාබාල වයසේ ඉන්න තරුණ සහෝදරියන්ට කියන්න කැමතියි.

මේ ජීවිත කතාව අපි කුඩා කාලයේ උගත් සිරිමත්ගේ කවි පෙළ මෙන් යහපතම තැවරුණු එකක් නෙවේ.ඒ නිසා මට වැරදෙන හැමතැනකින්ම ඔබ පාඩම් ඉගෙන ගැනීම මටත් SmartLady කණ්ඩායමටත් සතුට දැනෙන කාරණාවක් බව අමතක කරන්න එපා.

චමල් මගේ විශ්වාසය දවසින් දවස බිඳිමින් හිටියා.ඔහුට දාව දරුවෙකු බිහි කළත් අර පාරේ මා අසරණ කළ සිදුවීම මට මහා තදින් දැනී තිබුණා.දික්කසාද නොවුණත් මම හිටියේ බිඳීමෙන්.මගේ හිත මට මෙහෙම කියන්න පටන් ගත්තා.

“ඔය මිනිහා ඔහෙ ඕන විදියකට හිටපුවාවෙ.මම මගේ ජීවිතය සහ වෘත්තිය ගොඩ නගාගෙන මගේ දරුවවත් ගොඩ නගාගෙන ලස්සනට ජීවත් වෙනවා.”

මම අන්න ඒ හැඟීමට පත් වෙන්න පටන් ගත්තා.

සීතල ගැහැනු!

මම කොහේ හෝ තැනක අන්න ඒ වචන අසා තියෙනවා.මම හිතන්නේ මමත් අන්න ඒ සිසිරමය නින්දට පිවිසෙන්නට පටන් අරන් තිබුණා.හැඟීම් මියැදී ගිය එහෙත් අනාගතය වෙනුවෙන් නොකඩවා වැඩෙහි යෙදෙන ගෑනියෙක් අනුරාධා තුළ නිර්මාණය වෙමින් තිබුණා.දුවෙකු වෙනුවෙන් වැඩ කරන අම්මා කෙනෙක් නිර්මාණය වෙමින් ආදර බිරිඳ කියන තනතුර මගෙන් ගිලිහෙන්නට පටන් ගත්තා.

“චමල් ඒ තත්වෙ වෙනස් කරන්න උත්සාහ කරේ නැද්ද?”

මගේ අප්‍රමාණ මානසික වේදනා ගැන අහගෙන ඉන්න අතර ලියන්නිය මගෙන් එහෙම ප්‍රශ්නයක් අහනවා.

“කූඩැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ..”

මට දිය හැකිව තිබූ සරලම පිළිතුර අන්න ඒකයි.සමහර මිනිස්සු තමන් වැරදි බව දැනගෙන හිටියත් කිසිම දවසක වෙනස්වීම තෝරාගන්නෙ නැහැ.”මං හරි.මේක මගේ විදිය.” කියන කාරණාව ඔවුන්ගේ විනාසය දවසින් දවස ඔවුන්‍ට ළඟා කරලා දෙනවා.

මගේ මුදල් වියදම් කරලා ගත්තු,මම බොහොම අමාරුවෙන් ෆිනෑන්ස් ගෙවම්න් තියාගෙන් හිටිය මගේ මෝටර් රථය තමන්ට ඕනෑ හැටියට විකාර වැඩවලට යොදවන්න චමල් ගත් තවත් උත්සාහයක් ඊලඟ අර්බුදය නිර්මාණය කළා.

මොකක්ද ඒ අර්බුදය?
ඒ ගැන හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles