හදිසියේ සැත්කමකට බඳුන් වූ ෂාරුක් ඛාන්

බොලිවුඩයේ රජු, ෂාරුක් ඛාන් පසුගියදා අනතුරකට ලක් වුණා. එය ඔහුගේ රසිකයන් කලබලයට පත් කරන්නට සමත් වුණත් ඒ විශාල අනතුරක් නම් නෙවෙයි.

ලොස් ඇන්ජලීස් නුවරදී රූගත කිරීමක නිරතවී සිටි ඔහු යම් අනතුරකට ලක් වී තිබෙනවා. නාසයෙන් ලේ ගැලීමක් ද වාර්තා වෙනවා. අනතුරුව රෝහල්ගත කරන ඔහුව සුළු සැත්කමකට ලක් කර තිබුණා. ඔහුගේ නාසය වෙළුම් පටියකින් ඔතා තිබූ බවයි Hindustani Times වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ෂාරුක් අනතුරෙන් පසු යළි ඉන්දියාවට ගොස් නිවසේ විවේක සුවයෙන් සිටින බව සඳහන්. මේ අනතුර ගැන ෂාරුක් හෝ කණ්ඩායම මේ ගැන කිසිවක්ම පවසා නැහැ.

නමුත් Etimes වාර්තා කරන්නේ ඒ තත්ත්වය කලබල වීමට තරම් දෙයක් නොවන බව වෛද්‍ය කණ්ඩායම පැවසූ බවයි. නාසයෙන් ලේ ගැලීම නැවැත්වීමට ඉතා සුළු ශල්‍යකර්මයක් පමණක් සිදු කර ඇති බවයි. ශල්‍යකර්මය කුඩා එකක් වුවත් ඔහු ලෝකයේම අවධානය දිනාගෙන ඇති නිසා මේ සම්බන්ධයෙන් මාධ්‍ය තුළ බොහෝ කතාබහ ඇති වුණා.

ෂාරුක් ආබාධයකට ලක්වීම අලුත් දෙයක් නොවෙයි. ඔහුගේ වසර 31කට ආසන්න බොලිවුඩ් දිවිය තුළ ඔහු කිහිප වතාවක්ම ආබාධයන්ට ලක් වී තිබෙනවා. 2017 දී ඔහු සුළු ශල්‍යකර්මයකට භාජනය වුණා.Raees චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දණහිසේ ආබාධයකට ලක්වීමෙන් පසුවද ශල්‍යකර්මයකට භාජනය වුණා. 2013 දී, චෙන්නායි එක්ස්ප්‍රස් රූගත කිරීම් අවසන් වීමෙන් පසු ෂාරුක් ඔහුගේ අටවැනි සැත්කමට භාජනය වුණා. ශාරුක් ඛාන්ට 2009 වසරේදීත් ඔහුගේ වම් උරහිසේ ඇති වූ ආබාධයක් නිවැරදි කිරීමට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වුණා.

මේ වසරේ ඔහුගේ ව්‍යාපෘති කිහිපයක්ම සාර්ථක කර ගැනීමට තිබෙනවා. ඒ නිසා ඔහු ඉක්මන් සුවය ලබන තුරු බොලිවුඩ් රසිකයන් මඟ බලන බව පැහැදිලි සත්‍යයක්

මේ ලිපිය ඔබ කියවන මොහොතේ ඔහු පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු සුවයෙන් පසුවන ඡායාරූප කිහිපයක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ඒවා ලබාගෙන තිබෙන්නේ මුම්බායි ගුවන් තොටුපොළේදීයි. නිල් පැහැති ස්විටරයක් ද ඩෙනිම් කලිසමක් ද ඇඳ කැප් තොප්පියක් පැළඳ සිටින ඔහුගේ මේ ඡායාරූප මාධ්‍ය විසින් ලබාගෙන ඇත්තේ පාන්දර 4.30 ට පමණ බවයි සඳහන් වන්නේ.

ඔහු එතරම් ලොකු අනතුරකට මුහුණ පා නැති බව ඒ නිසා හොඳින් ම පැහැදිලියි.  නමුත් තරුවක් වූ පසු නාසයෙන් ලේ ගැලීමක් පවා ලෝකය පුරා පුවත් මවන්නට සමත් වන්නක්. මේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ එය මිස කිසිවක් නොවේ. 

Related Articles

Don't Miss


Latest Articles