තෛපොංගල් චිත්‍රපට

තෛපොංගල් එන්නෙ ජනවාරි 15 වෙනිදා. 

අපි ලංකාවෙ ඇතුලත එහෙම ලොකුවට Celebrate නොකරට පොංගල් කියන්නෙ තමිල්නාඩුවෙ මහ ඉහලින් සමරන උත්සවයක් 

විශේෂයෙන්ම තමිල්නාඩුවෙ ගම්වල මේ පොංගල් උත්සවය ඉහලින් සමරනවා අස්වනු නෙලන කාලයට සමගාමීව අලුත් අවුරුද්දෙත් ඒ වගේම හොඳ අස්වැන්නක් ලැබේවා කියන බලාපොරොත්තුව එක්ක 

ඉතින් මේ කාලයට මේ ගම්වල ඉන්න දෙමල මිනිස්සු රසවත් ආහාර කනවා බොනවා වගේම තමන්ගෙ පවුලේ අය එක්ක විනෝද වෙන්න එලියටත් යනවා.

ඉතින් අපි හිතුවා මේ වගේ ලස්සන සශ්‍රික උත්සවයක් ගැන කියවෙන චිත්‍රපටි 5ක් ගැන ඔයාලා එක්ක බෙදාගන්න 

 1. Mahanadi

 පොංගල් කාලෙ ආවට මේ චිත්‍රපටය කතා කරන්නෙ අහිමිවීම්, දූශණ වංචා සහ Child Trafficking ගැන. 

 ඉතින් මේ චිත්‍රපටය පුරාම තියෙන්නෙ දුක වේදනාව සහ අන්දකාරය සම්මිශ්‍ර වුණ හැඟීම්.

චිත්‍රපටය වේදනාවට බර කතාවක් නිසා චිත්‍රපටය බලල ඉවර වෙද්දි ඔයා අඬන්න ඉඩකුත් තියෙනවා මේ චිත්‍රපටයේ තියෙන Pongalo Pongalo සිංදුවෙන් කියවෙන්නෙ තමන් ආදරේ කරන අය එක්ක එකතුවෙලා ඉන්න එක සහ අලුත් ඇඳුම් ඇඳල උත්සවය සමරන එක ගැන තමයි 

 2. Viswasam

 මේ චිත්‍රපටයේ කතාව දිග ඇරෙන්නෙ ගමක. 

මේ ගමේ ගොඩක්ම ඉන්නෙ කුඹුරු කරන වවන කරන ගොවි මිනිස්සු.

ඉතින් චිත්‍රපටය කියන්නේ පවුලේ එකතුවීම සහ ඒ ඔස්සේ ලැබෙන සන්තෝසෙ ගැන.

මේ චිත්‍රපටය ඔස්සේ ගම්වල මිනිස්සු පොංගල් උත්සවය සමරන අපූරු ආකාරය පෙන්වනවා සහ ගමක සහ නගරෙක මේ උත්සවය සමරන ආකාරවල වෙනසත් ලස්සනට පෙන්නල දෙනවා 

 3. Pongao Pongal 

 මේ චිත්‍රපටය නම් Release වෙච්ච කාලේ සෑහෙන Hit වෙච්ච චිත්‍රපටයක් උනාලු. 

අද අපි නිතරම සෝෂල් මීඩියාවල දකින Vadivelu Memes ගොඩක්ම හැදුනෙ ඔන්න මේ චිත්‍රපටය නිසා කියල තමයි කියන්නේ මේ චිත්‍රපටයත් හිතට ලොකු කරදර ගේන්නෙ නැති පොංගල් උත්සවයේ අසිරිය අපිට කියල දෙන තවත් දෙමල චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් 

 4. Bairavaa/Mersal 

ඕන් මේ චිත්‍රපට දෙකේම රඟපාන්නෙ ඔයාල ආස කරම නලුවෙක්. තලපති විජේ. 

මේ නම කිව්වම පහුගිය දවස්වල ට්‍රෙන්ඩ් වෙච්ච තලපත් කතාව මතක් වෙන්නත් ඇති නේද? 

ඉතින් මේක තවත් විජේ වීරයා වෙන චිත්‍රපටයක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේක ඉතින් Mass audience එකට ගහපු චිත්‍රපටයක්. මේකෙ ඉතින් පොංගල් උත්සවය ගැන පොඩි පොඩි කෑලි අතරින් පතර තියනවා.

Bairava චිත්‍රපටයේ විජේ රඟපාන්නෙ දෙමල චාරිත්‍ර වාරිත්‍ර මොඩර්න් විදියට කරන ටිකක් විතර Modern මනුස්සයෙක් ගැන Mersal චිත්‍රපටයේ විජේ චරිත තුනක් රඟපානවා. 

එයින් එකක එයා ගමක ඉන්න ගොවියෙක්ගෙ චරිතෙ රඟපාන්නෙ 

 5.Annamalai

 මේ චිත්‍රපටයේ රඟපාන්නෙ ඔයාලා ආස කරන තවත් දෙමල නලුවෙක් වුන රජ්නිකාන්ත්.

 මේක අර Typical Masala Film එකක් කියල තමයි කියන්නෙ කට්ටිය. 

අහන්න දෙයක් නෑනෙ ඉතින් මේ චිත්‍රපටය Twists, Turns, Action, Romance ඔක්කොම එක්ක Pongal උත්සවේ ගැනත් කතා කරනවා 

 මේ චිත්‍රපටයේ එන Vaathenda Paalakaran කියන සිංදුව සෑහෙන හිට් වුනා වගේම පොංගල් උත්සව සැමරුම් අතරෙ නිතර දාන සිංදුවක්ලු 

 මේ සිංදුවෙන් කියන්නෙ දෙමල මිනිස්සු වන්දනාමාන කරන ගවයා ගැන. 

මේක ලියල තියෙන්නෙ වයිරමුතු සහ මේ සිංදුවට අදහස දීලා තියෙන්නෙ රජ්නිකාන්ත්ලු 

 ඉතින් මේ වගේ පොංගල් චිත්‍රපට 5 ඔයාලත් බලල නැති නම් බලන්න දෙමල නොවුනට කමක් නෑනෙ අපිට සමීප ජාතියක උත්සවයක් ගැන චිත්‍රපටයකින් හරි දැනගන්න පුලුවන් නම් හොඳයිනේ!

Related Articles

Don't Miss


Latest Articles