වැඩි වුන බඩ මට්ටු කරන පිපිඤ්ඤා පානය

පිපිඤ්ඤා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඔයාගේ හිතට වුනත් පිපිඤ්ඤා  කියනකොටම ඒ රූපේ මැවෙන්න ඇතිනේ.ලංකාව ඇතුලේ එළවළු ලෑල්ලක ඉඳන් සුපිරි වෙළඳසැලක් දක්වා ඕනෑම තැනකින් හොයා ගන්න පුලුවන් කෑමක් තමයි මේ පිපිඤ්ඤා. 

හැබැයි අපි අද මේ කියන්න යන කතාව නම් ඔයා මීට කලින් අහලා නැතුව ඇති.

පිපිඤ්ඤා පානයකින් ඔබේ බර අඩු කරගන්න පුලුවන් කියලා විශ්වාස කරනවද? 

ඔව් ඇත්තටම පර්‍යේශකයන් ඒ බව තහවුරු කරගෙන තියෙනවා.  

ඒ වගේම පිපිඤ්ඤා පානය ඔබව විජලනයෙන් ආරක්ශා කරන, රුධිර පීඩනය අවම කරන ඉතාම ඉහළ පෝෂණීය අගයකින් යුක්ත පානයක් විදියටත් හඳුනගෙන තියෙනවා.

ඔබ දන්නවා, අපි පානය කරන පැණි බීම, පළතුරු බීම වගේම ශක්තිජනක සීනි අඩංගු පානයන් මඟින් අපේ ශරීරයට කැලරි එකතු වෙනවා. අපිට පිපාසය අධිකව දැනෙන දවස්වල මේ විදියට සිසිල් පානයන් පානය කිරීම එක්ක අපේ ශරීරයට එකතු වෙන කැලරි ප්‍රමාණයත් ඉතාම වැඩියි.  නමුත් පිපිඤ්ඤා පානය මඟින් ඔබට ශරීරයට අමතර කැලරි එකතු කරගන්නේ නැතිව ඔබේ පිපාසය සන්සිඳුවා ගන්න පුලුවන්. ශරීරයට අහිතකර බලපෑම් අවම පානයකට ඇබ්බැහි වෙන එක මේ දවස් ව්ල ඔබේ සෞඛ්‍යට වගේම පසුම්බියටත් හොඳයි නේ.

ඒ වගේම සමහර වෙලාවට ඔබට දැනෙන පිපාසය  ඔබ වැරදි විදියට අර්තකතනය කරගන්නවා. ඒ බඩගින්නක් විදියට. තිබහ සන්සිඳුවගන්නවා වෙනුවට ඔබ බඩගින්න අඩු කරගන්න කෙටි කෑම වලට යොමු වෙනවා. එහෙම නැත්නම් ඔබේ ආහාර වේල් ගනන වැඩි කරගන්නවා. දිනපතා පුරුදු වෙනකොට ඒ කෙටි කෑම ඇබ්බැහියක් බවට පත් වෙනවා. හැබැයි ඔබට තිබහ දැනෙන වෙලාවක හැකියාවක් තියෙනවා නම් මේ කියන විදියේ පිපිඤ්ඤා පානයක් සකස් කරගෙන පානය කරන්න ඔබට පුලුවන්කම ලැබෙනවා, ඔබට ඇත්තටම දැනෙන්නේ පිපාසයක්ද සහ කුසගින්නක්ද කියලා වටහා ගන්න. ඒ අනුව ඔබට පිපාසය සන්සිඳෙනවා නම් ඉන් එහාට ආහාර වෙනුවෙන් ඔබේ කුසට ඉඩ නොදී ඉන්න ඉඩ ලැබෙනවා. කොහොමටත් පිපිඤ්ඤා පානය මඟින් ස්වභාවයෙන්ම ඔබේ කුස පිරෙන නිසා ඔබට ආහාර වලින් යම් තරමකට ඉවත් වෙලා ඉන්නත් ඉඩ ලැබෙනවා. ඒ පුරුදු වලින් ඔබට ශරීරයේ බර අසාමාන්‍ය විදියට වැඩි වෙන එක නවත්තගන්නත් ඉඩ ලැබෙනවා.

මේ මොක කරන්නත් කලින් පිපිඤ්ඤා පානයක් නිවසේදීම හදාගන්න විදිය අපි ඔබට කියන්නම්. මේ පානය ඉතාම පහසුවෙන් සකස් කරගන්න පුලුවන්. වැඩි වියදමක් යන්නේත් නැතුවම ඔබේ බර අඩු කරගන්නත් පුලුවන් මේ මැජික් පානය අදම හදලා බලන්නත් අමතක අක්‍රන්න එපා එහෙනම්.

අවශ්‍ය ද්‍රව්‍ය

ජලය වීදුරු 08 ක් 

සෝදා පිරිසිදු කරගෙන පිට පොත්ත ඉවත්කර ඉතාම තුනීවට පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩියක්

මේ ප්‍රමාණයන් ඔබට අවශ්‍ය විදියට වෙනස් කර ගත්තාට කිසිම ප්‍රශ්නයක් නැහැ.

සාදාගන්නා ආකාරය

මුලින්ම, කපා ගත්ත පිපිඤ්ඤා ටික වීදුරු   බඳුනකට දාගන්න. ඊට පස්සේ ඒකට වතුර එකතු කරලා හොඳින් කලවම් කරන්න. ,මේ වතුර පානයට සුදුසු පිරිසිදු වතුර වෙන එක බොහොම වැදගත්.

මේ  විදියට ජලය සහ පිපිඤ්ඤා කලවම් කරන්න හැන්දක් හරි කූරක් හරි පාවිච්චි කරන්න පුලුවන්. ඊට පස්සේ පිපිඤ්ඤා සහිත බඳුන පැය හතරක් විතර ශීතකරනයේ දාලා තියන්න. සම්පූර්ණ රැයක්ම මේ මිශ්‍රණය ශීතකරනයේ තියන්න පුලුවන් නම් ඒක වඩා සුදුසුයි. ඊට පස්සේ පිපිඤ්ඤා පෙති ටික පෙරලා අයින් කරලා ඉතිරි වෙන පානය වීදුරු බෝතලයක දාලා යළි ශීතකරණයේ දාන්න. මෙහෙම එක වතාවක් හදාගත්තාම ඔබට දවස් තුනක් විතර යනකල් ඒ පානය භාවිතා කරන්නත් පුලුවන්.

ඒ විතරක් නෙවෙයි, මේ පිපිඤ්ඤා පානය වඩා රසවත් කරගන්නත් ඔබට හැකියාව තියෙනවා. ලෙමන්, දෙහි, මින්ට් කොල, බැසිල් කොල,කොමඩු, ලෙමන් ග්‍රාස්, ඉඟුරු, අන්නාසි වගේ දේවල් ඔබේ රුචිකත්වයේ විදියට එකතු කරගන්න පුලුවන්.

විශේෂයෙන්ම දෙහි, ලෙමන් වගේ දේවල් එකතු කර ගැනීම තුල ඔබේ  ශරීරයේ  තියෙන මේදය ඉවත් වෙන්න වටිනා බලපෑමක් කරන අබ්වත් අමතක කරන්න එපා. ඔබට දවසේ ඔනෑම වෙලාවක පිපිඤ්ඤා පානය භාවිතා කරන්නත් පුලුවන්.

ඔබ අධික  විදියට සෙම් අපහසුතා වලින් පීඩා විඳින කෙනෙක් නම් පිපිඤ්ඤා පානය නිතර දෙවෙලේ පානය කිරීම සීරුවෙන් අත් හදා බලන එකත් වැදගත්. මොකද පිපිඤ්ඤා පානය ඔබේ ශරීරය අභ්‍යන්තරයෙන්ම සිසිල් කරවන නිසා.

ඒ කරුණු කාරණාත් මතක තියාගෙන රසම රස පිපිඤ්ඤා පානයක් හදල තියාගෙන බොන්න දැන් ඔබටත් පුළුවන්. 

එහෙනම් මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

එතෙක් සුවෙන් ඉන්න ! 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles