දරුවන්ගෙ හීන හැබෑ කරන ඉස්කෝලෙක තියෙන මැජික් වෝල් එක

PT Sir කියන්නෙ 2024 අවුරුද්දෙ Release වෙච්ච ඉන්දියන් ෆිල්ම් එකක්. මේක සමාජ නාට්‍ය චිත්‍රපටයක් කියලා කිව්වොත් හරියටම හරි. කතාව සරලවම කිව්වොත් යන්නෙ ඉස්කෝලයක් කේන්ද්‍ර කරගෙන. මේ ඉස්කෝලේ ඉන්න PT Sir තමයි කනගවේල් කියන්නෙ. කනගවේල් කියන්නෙ ඉස්කෝලෙ ඉන්න ළමයි එක්කත් හරිම එකමුතුවෙන් ඉන්න Sir කෙනෙක්. හැබයි මේක මේ සාමාන්‍ය අපි හැමදාම දකින ඉන්දියන් ෆිල්ම් එකකට වඩා එහාට ගිහින් සමාජ ප්‍රශ්නයක් ගැන කතාකරන අපූරු චිත්‍රපටයක් කියලා කියන්නම ඕන.

ඉතින් අපි බලපු මේ චිත්‍රපටයෙ වෙන්නෙ මොකද්ද කියලා සහ මේ චිත්‍රපටයෙන් අපිට අරගෙන එන්නෙ මොන වගේ සමාජ කතාවක්ද කියලා.

සමාජය ඇතුලෙ ගැහැණු ළමයින්ට ලැබෙන තැන මොන වගේ එකක්ද කියලා පෙන්වන මේ චිත්‍රපටයේ එන්ඩින් එක නම් ඇත්තටම ඔයාලට හිතාගන්නවත් බැරිවෙයි.

ඉතින් වැඩිකතා නැතුව අපි දැන් බලමු මේ චිත්‍රපටයේ මොකද වෙන්නෙ ? මේ කියන තරම් මේ ෆිල්ම් එක හොඳයි කියලා කියන්නෙ ඇයි කියලා.

චිත්‍රපටය පටන් ගන්නෙ වැස්ස දර්ශනයකින්. ඒ වැස්ස අස්සෙ එන ගෑණු ළමයි දෙන්නෙක් බිත්තියක මොනවා හරි ලියන බව අපිට පෙන්වනවා. ඒ එක්කම අපිට පෙන්වනවා ඒ ගැහැණු ළමයි ලියන ඒව වගේම දේවල් මීට කලිනුත් ලියලා තියෙන බව. හැබැයි ඒ ලියලා තියෙන්නෙ මොකද්ද කියන එක හරියට පැහැදිලිව පෙන්වන්නෙ නෑ.

ඔය සීන් එකෙන් පස්සෙ අපිට කෙලින්ම පෙන්වන්නෙ ඉස්කෝලෙම දර්ශනයකට. මේ ඉස්කෝලෙ අසෙම්බ්ලි එකේ වෙලාවක් තමයි පෙන්වන්නෙ. කොහොමහරි අසෙම්බ්ලි එක වෙලාවෙ ලමයි කතාවෙනවා එයාලගෙ සිලබස් කවර් කරගන්න බැරිවෙච්ච හන්දා ගුරුවරු ටික කතා වෙලා ලමයින්ගෙ ක්‍රීඩා උත්සවය නතර කරන්න තමයි හදන්නෙ කියන එක.

මේ වෙලාවෙ අපිට පෙන්වනවා ගුරුවරු ගිහිල්ලා ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරනවා “ක්‍රීඩා උත්සවේ දාන එකෙන් වෙන්නෙ එයාලට උගන්වන්න තියෙන කාලය අඩු වෙන එක, ඒක නිසා ක්‍රීඩා උත්සවය කැන්සල් කරන්න” කියලා.

කොහොමහරි ඒ කතාබහේ අවසාන තීරණය විදියට ප්‍රින්සිපල් තීරණය කරනවා ක්‍රීඩා උත්සවය නතර කරන්න. මේක ආරංචි උනාම ඉස්කෝලෙ ලමයින්ට හරියට අවුල් යනවා. කොහොමහරි මේ නිවේදනය නිකුත් කරලා ටික වෙලාවකට පස්සෙ ගුරුවරු කීප දෙනෙක් දකිනවා ළමයි ටිකක් එක්කාසු වෙලා මේ ඉස්කෝලෙ එක බිල්ඩිමට උඩම තට්ටුවට යනවා. ළමයි මොකක හරි වැරදි වැඩක් කරන්න තමයි උඩට යන්නෙ කියලා හිතලා මේ ලමයි පස්සෙ උඩ තට්ටුවට යන ගුරුවරුන්ට දකින්න ලැබෙන්නෙ හිතාගන්න බැරි දෙයක්.

ඒ තමයි මේ බිල්ඩින් එකේ උඩම තට්ටුවෙ බිත්තියක ඉස්කෝලෙ ඉන්න ලමයි එක එක දේවල්, ඒ කිව්වෙ ඒ ලමයින්ට තියෙන ප්‍රශ්න ඒව මේවා ලියලා තියෙනවා කියලා. මේක දකින ගුරුවරු ඔක්කොම පුදුම වෙලා වගේ තමයි මේක දිහා බලාගෙන ඉන්නෙ.

ගුරුවරු ටික මේ ළමයින්ගෙන් අහනවා ඇයි ඔයාලා මේ දේවල් බිත්තියෙ ලියන්නෙ කියලා. එතකොට ළමයි කියනවා එයාලා විශ්වාස කරනවා කියලා එයාලා බිත්තියෙ ලියලා තියෙන දේවල් ඉස්ට වෙනවා කියලා. කොහොමහරි ලමයි ටික ඇවිත් තියෙන්නෙ ක්‍රීඩා උත්සවය කැන්සල් වෙන්න එපා කියලා බිත්තියෙ ලියන්න කියලා දැනගත්තම මෙතන ඉන්න මාරිමුත්තු කියන සර් හිනාවෙනවා “ඕකෙ ලියන හැමදේම ඇත්ත වෙනවා නම් බැරිය” කියලා.

මේ සිදුවීමෙන් පස්සෙ ළමයි ටික යන්නෙ එයාලගෙ PT Sir වෙන කනගවේල්ව හම්බෙන්න. මොකද ළමයි ටික දන්නවා මේ ප්‍රශ්නෙ එයාට කිව්වොතින් එයා කවදාවත් කට වහගෙන ඉන්නෙ නැති බව.

ඉතින් කනගවේල් සර් ඕක ප්‍රින්සිපල් එක්ක කතා කරන්න ආවම ප්‍රින්සිපල් සර් මාර ප්‍රශ්නයක් තමයි අහන්නෙ.

“ඔයා වානතී ටීචර්ට ආදරේ කරන බව ඔයා ලමයින්ට කිව්වද?” කියලා ප්‍රින්සිපල් සර් අහද්දි කනගවේල්ට උන්හිටි තැන් අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙ වෙලාවෙම මෙතනට එන වානතී ටීච දැක්කම එයා තව අසරණ වෙනවා. ඒ උනාට කනගවේල් දරුවන් වෙනුවෙන් කතා කරනවා. ඒක ප්‍රින්සිපල් සර්ට හිතට දැනෙන්නම එයා කතාකරනවා. කනගවේල්ගෙ මේ මැදිහත්වීම එක්ක කැන්සල් වෙන්න ගිය ක්‍රීඩා උත්සවේ ආයෙ පැවැත්වෙනවා.

කොහොමහරි ඔය එක්කම අපිට පෙන්වනවා කනගවේල්ගෙ අම්මා කනගවේල්ව කසාද බන්දවන්න හදන බව. මොකද කනගවේල් ගෙ කේන්දරේ තියෙනවලු එයා හරි වයසෙදි බඳිනකම් එයාගෙ ජීවිතේට අනතුරු වෙන්න ලොකු ඉඩක් තියෙන බව.

දවසක් ඔන්න කනගවේල් උදේ ඉස්කෝලෙට යන්න සූදානම් වෙලා ඉද්දි එයාලගෙ අල්ලපු ගෙදර ඉන්න නන්දනීවත් කොලේජ් එක ලඟින් දාගෙන යන්න කියලා නන්දනීගෙ තාත්තා කියන්නෙ.කොහොමහරි නන්දනී මේකට වැඩි කැමැත්තක් නැති උනාට එයාට තාත්තා කියන නිසාම කනගවේල් එක්ක යන්න වෙනවා. ඉස්කෝලෙට එන කනගවේල් දකිනවා එයාලගෙ ඉස්කෝලෙ සිකියුරිටි ගාඩ් ට ගහන්න කවුද මනුස්සයෙක් ඇවිල්ල තියෙනව කියන එක.ඒ මනුස්සයව බේරගන්න යන්නෙ වානතී ටීච. කනගවේල් කරන්නෙ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක. මේක දකින වානතීට හරි තරහයි පිරිමියෙක් වෙලත් කනගවේල් මේ වගේ වෙලාවක පස්ස ගහලා ඉඳපු එක ගැන.

මේ සිදුවීම් අස්සෙ කනගවේල්ට දැනගන්න ලැබෙනවා එයාලගෙ ඉස්කෝලෙ චෙයාමන් එයාව මුණ ගැහෙන්න බලාගෙන ඉන්න බව. කොහොමහරි මේක ඇහුවම කනගවේල්ට පොඩ්ඩක් පුදුම හිතෙනවා. ඒ උනාට එයා එතනට යනව. එතනදි මෙයාට ඉස්සරහ ගෙදර ඉන්න නන්දනීවත් හම්බු වෙනවා.

නන්දනී ඇවිත් තියෙන්නෙත් චෙයාමන්ව හම්බෙන්න.

කොහොමහරි චෙයාමන් මෙතනදි කනගවේල්ගෙන් අහන්නෙ එකම එක ප්‍රශ්නයක්. ඒ තමයි “පත්තරේ මුල් පිටුවෙම ඔයාගෙ හපන්කමක් ගැන ලියලා තියෙනවා, ඒක ගැන මොකද කියන්න තියෙන්නෙ” කියලා.

ඉතින් ඔයාලා මොකද හිතන්නෙ? චෙයාමන් මේ කියන කනගවේල් ගෙ හපන්කම මොකක් වෙන්න ඇතිද?

අන්න ඒක ගැන දැනගන්න නම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම ඕන!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles