තනි වූ ගැහැනියකගේ ඇස අග කඳුළු ඇති බවත් ඒවා සීතල බවත් වටහා ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නොවේ.ඒ කඳුළු තමන්ගේ අභිමතයන් පහසුවෙන් ඉටු කරගන්නට පාරු පැදිය හැකි ගඟක්ව ගලන තුරු බලා සිටිනා වුන් ද අනන්ත ය.රූමත්කම පහව නොගිය වැන්දඹු තරුණිය කාර්යාලයේ දී රාජකාරි කරනවාට වඩා කල්පනා ලෝකයේ සැරිසරන බව වටහා...
ඔවුන් ගියේ ඇවිදින මං තීරු, හංසයන් පීනන පොකුණු සහිත උද්‍යානයකට ය. කොළ පාට ඇස් මත ලියැවී ඇති කතා ගොන්න වරින් වර තරුණයා ගේ අවධානය ට ලක් විය. මින්දුල ව ඇවිදවන්නට ත් ඔංචිලි පදවන්නටත් උපක්‍රමශීලී වෙත්දී ඒ ඇස් මත වූ බලාපොරොත්තු සහගත ප්‍රීතියට යටින් ලොකු දුකක් තදින් ඇලවී තිබුණේ ය....
"දැන් මාස කීයක්ද? අක්කා රිකවර් වෙන්න ඕන දැන්.එයා පොඩ්ඩක්වත් ශක්තිමත් නෑ.ඒකයි මෙතන තියන අවුල.."
භාවනා එසේ කියද්දී මාලිකා ඈ දෙස බැලුවේ ශෝකය සහ කෝපය අතරමැද තැනක තබමිනි.
"ඔයාලා ඉස්කෝලෙත් ගිහිං ඉවර කාලේ තාත්තා නැති වුණේ.අනිත් එක ඒකත් කැන්සර් එකකින්.මම හොඳටම දැනගෙන හිටියා තාත්තා නැති වෙනවා කියලා.ඒත් මට තාමත් තාත්තා මතක් නොවෙන...
විකුම් ඈ වෙතින් ඉතා වේගයෙන් ඈත් වෙමින් හිඳිනා බව ආදිත්‍යා ට දැනිණ. ඇය අභ්‍යන්තර වශයෙන් දැඩි කම්පනයකට ලක් වූවා ය. එය දරා ගත නො හැකි දුකකි. වාවා ගත නො හැකි ආත්ම අසරණ කමකි.
විකුම් ඇය ට පෙම් නො කරනා බව ආදිත්‍යා මුල සිට ම දැන සිටියා ය. ඔවුන් දෙදෙනා අතරේ...
"රෑට කන්න මොනවාහරි අරන් යංද කාව්‍යා.."
සකුණ ගමනේ අර්ධයක් පසු කරද්දී ඇසුවේ දැඩි නිහඬතාවය බිඳින්නට ය.කාව්‍යා කියන්නේ කිරිල්ලක බඳු යුවතියකි.ඇයට කියවන්නටත් හිනැහෙන්නටත් ඕනෑතරම් කාරණා තිබිණ.නමුත් දැන් ඇය අවශ්‍ය දෙයක්වත් කතා නොකරන තරම් ය.
"අම්මා උයලත් ඇති.."
කාව්‍යා කියන්නේ සිහින් හඬකිනි.අද භාවනාගේ උපන්දිනයට මහන්සියෙන් සහ ආදරයෙන් අම්මා පිසූ ආහාර දෙස භාවනා ඇහැක් ඇර...
තරුණියන් දෙදෙන මින්දුල සමගින් විහාරය තුළට යත්දී දුමාල් විතානාච්චි ද ඔවුන් පසු පස ආවේ ය. බලහත්කාරයෙන් ම ඔහු මේ විදිහට උදව් කරන්නට ඉදිරිපත් වීම ගැන සතුටක් ආදිත්‍යා තුළ වූයේ නැත. නමුත් ආමන්තා ගේ සිත උත්කර්ෂයට පත් ව තිබිණි. අක්කා ඔහු ගැන ඒ හැටි වගක් නැති ව පය ඉක්මන් කොට...
සකුණ භාවනාගේ නිවසේ දොරට සන් කළේ අක්කා නගෝ දෙදෙනාම නැති බව දැනගෙන ය.අම්මාට පෙර පිටතට ආවේ ලියෝ ය.ලියෝ දෙඅත් ඔසවා සකුණගේ ඇඟ මතට ගොඩ වන්නේ සන්තෝසයෙන් දෑස් නටවන අතර ය.සකුණ ලියෝගේ හිස පිරිමදිමින් බරාඳයේ පුටුවක අසුන් ගත්තේ ය.
"චූටි ගෙදර නෑ පුතේ.."
මාලිකා පිටතට ආවේ එසේ කියමිනි.සකුණ එන්නට ඇත්තේ භාවනාගේ උපන්දිනය...
විකුම් විජයවික්‍රම හිතුවක්කාර සිනහවක් නගා ගත්තේ ය. ඔහු වෙතින් මත් පැන් සැරක් හැමුවේ ය. ඒ ඇස් වල සුදු ඉංගිරියා රතු වී ඇති සැටිත්, ඇස් පියන් අඩවන් වී ඇති සැටිත් ආදිත්‍යා ට මැනවින් දැක ගත හැකි විය.
"මගෙං ඔහොම ප්‍රශ්න කරන්න තමුන්ට මොකද්ද තියන අයිතිය ආ.."
විකුම් එහෙම ඇහුවේ සිනහ වී ගෙන...
නොනවත්වාම නාද වෙන දුරකථනය දෙස භාවනා බැලුවේ නොපහන් නෙතකිනි.උදාසීන ලීලාවකින් මුළුතැන්ගෙයට වී තේ කෝප්පය හිස් කරමින් සිටි ඇය එයට ඔහේ නාද වන්නට ඉඩ හැරියා ය.කාව්‍යා නංගි දෙස බැලුවේ නෙත් කොනකිනි.අම්මා සලාදයකට එළවළු කපමින් කාර්යබහුල ය.
"ඔය කෝල් එක ගන්නෙ නැත්තෙ ඇයි ළමයො?"
අම්මා අසන්නේ කලබලය අතරිනි.
"ඔෆිස්සෙකෙන්.මල විකාර.." නංගි එසේ කීවද එහි...
ආදිත්‍යා ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නට සඳසීලී වග බලා ගත්තා ය. විකුම් ගේ චර්යාව තුළ ඇති ව තිබෙන වෙනසත් එක්ක, මින්දුල ව සේ ම ආදිත්‍යා ව ද නො සලකා හැරෙන බැව් ඇයට දැනුණේ ය. සිය එක ම පුතු ගේ ජීවිතය අවුල් වෙනවා දකින්නට ඇති අකමැත්ත නිසා ය ඇය මිල...