සිද්ධාර්ත් සහ කියාරා විවාහයට සැරසෙයි

බොලිවුඩ් තාරකා කාලයෙන් කාලයට පුවත් මවන්නට බොහොම රුසියන්. මෑත කාලයේදී ක්ෂේත්‍රයේ එකට රංගනයේ යෙදෙන යුවළ කිහිපයක්ම විවාහ වූ බව අප කවුරුත් දන්නවා. දීපිකා- රන්වීර්, ආලියා – රන්බීර් වැනි ඒ නව පරපුරේ ප්‍රේමවන්තයන් අතරට එක් වූ අලුත්ම යුවල සිද්ධාර්ථ් මල්හෝත්‍රා සහ කියාරා අද්වානි.

ඔවුන් දෙදෙනා Shershaah චිත්‍රපටියේ කළ රංගනය ඉතා ප්‍රේමණීය සහ විශිෂ්ට බවට බොහෝ දෙනාගෙන් පැසසුම් ලැබුවා. Kabir Singh චිත්‍රපටිය නිසා කියාරා කොහොමටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක් වූ නිළියක්. සිද්ධාර්ථ් කියන්නේ ආසියාතික රටවල බොහෝ තරුණියන්ගේ Celebrity crush එකක් වන තරමේ කඩවසම් දක්ෂයෙක්. ඒ නිසා මේ සුසංයෝගය හැම කෙනෙකුගේම ආදරණීය ආශිර්වාදයට හේතු වුණා.

Shershaah චිත්‍රපටිය තුළ ඔවුන් දෙදෙනා තුළ පැවති රසායනය නිසාම ඔවුන් ආදරවන්තයන් වනතුරු බොහෝ රසික පිරිසක් බලා සිටියා.කටකතා සහ ගොසිප් වෙබ් අඩවි ඔවුන් ලුහුබඳින්නට වුණා.ඔවුන් සමාජ ජාලා තුළ එකිනෙකාට කමෙන්ට්ස් දමා ගැනීම, එක්ව රාත්‍රී ආහාරයට පිටත් වීම වැනි කුඩා හේතු ඒවාට පොහොර එකතු කළා. 2019 වසරේ ඔවුන් එක් වී දකුණු අප්‍රිකා සංචාරයක නිරත වුණත්  එක්ව හිඳින ඡායාරූපයක් සමාජ ජාලාවලට එකතු කළේ නැහැ.නමුත් දෙදෙනාම වෙන වෙනම ගත් ඡායාරූප වලින් රසිකයන් ප්‍රහේළිකාව ගලපා ගත්තා. කියාරාගේ උපන්දින සාදයට සිද් සහභාගී වන්නේ ඉන් පසුවයි.ඔවුන් දෙදෙනාගේ දෙමාපියන් හමු වූ පුවත 2021 ප්‍රවෘත්තියක්. Kapil Sharma’s Show හිදී කියාරා පැවසූ කතාවකින්ද මේ සම්බන්ධය ගැන ඉඟි ලැබුණා. 2022 දී ඔවුන් පෙම්වතුන් බව රහසක් වුණේ නෑ.2022 වසර මැද භාගයේදී ඔවුන් වෙන් වූ බවට ප්‍රවෘත්ති පළ වුණත් එය එසේ නොවන බවත් ඔවුන් හදිසියේ විවාහයට සැරසෙන බවත් ඉන්දීය ගොසිප් වෙබ් අඩවි වාර්තා කළේ ගිය වසර අගදී. කියාරා ගැබ් ගෙන ඇති බව පවා ඒවායේ පළ වී තිබුණා.

සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ වන විට Mission Majnu හි ඔහුගේ ශක්තිමත් රංගනය සඳහා ඔහුට ලැබෙන ප්‍රශංසාව සහ ඇගයීම භුක්ති විඳිමින් සිටිනවා.ඔහු පසුගියදා මුම්බායිහිදී ඔහුගේ සහය නිළිය වන රශ්මිකා මන්දනා සහ මුළු කණ්ඩායමම සමඟ චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරුවා. ඔහුගේ සාර්ථක ගමන මධ්‍යයේ, සිද්ධාර්ත් ඊයේ Instagram හරහා අමුතු ආකාරයේ පණිවිඩයක් බෙදා ගත්තා.

“I have a bold announcement to make” ලෙස සඳහන් එහි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ ගැන 30 වන සඳුදා කියන්නට බලාපොරොත්තු වන බවක්. 

කටකතා පැතිර යන අන්දමට මෙම යුවළ පෙබරවාරි හයවැනිදා විවාහ වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා. රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිසල්මර් හිදී විවාහ මංගලෝත්සවය පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇති බවද එම වාර්තා පවසනවා. පෙර මංගල උත්සව පෙබරවාරි මුල් සතියේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍ය වාර්තා කරනවා.ඒත් සිද්ධාර්ත් සහ කියාරා විවාහය සිදුවන දිනය ගැන පිළිබඳව තවමත් අදහස් දක්වා නැහැ.

ඇතැම්විට සිද්ධාර්ත් අද ලබා දෙන්නේ ඒ නිවේදනය වන්නට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles