ඓශ්වර්යාගේ දියණිය ආරාධ්‍යා ගැන අසත්‍ය පතුරන යූටියුබ් නාලිකා

බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් තමා සහ අයිශ්වර්යා ද ඔහුගේ දෙමාපියන්ද  චිත්‍රපට ව්‍යාපාරයේ කොටසක් වුණත් එය දියණිය වූ ආරාධ්‍යාට හිරිහැරයක් නොකළ ආකාරය ගැන කතා කර තිබෙනවා.  ඓශ්වර්යා රායි බච්චන් ඔවුන්ගේ දියණිය ආරාධ්‍යා බච්චන්ට ජනප්‍රිය වීම ලොකු දෙයක් යැයි සිතන්නට නොදී එය අලංකාර ලෙස හසුරුවා ගැනීම ගැන අභිෂේක් අයිශ්වර්යාට ප්‍රශංසා කළා. සමාජ මාධ්‍යවල තම දියණිය ගැන කතා කරන අය සමඟ හැසිරෙන ආකාරය ගැනත් ඔහු කතා කර තිබෙනවා.

ETimes සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අභිෂේක් පැවසුවේ ආරධ්‍යාගේ ආච්චි සහ සීයා- අමිතාබ් සහ ජයා බච්චන් ද චිත්‍රපට ක්ෂේත්‍රයේ අය බැවින් ඔවුන් ඇයට ක්ෂේත්‍රයේ දේවල් ඉතා සාමාන්‍ය කිරීමට උත්සාහ කළ බවයි.  ” අපි එය ‘ලොකු දෙයක්’ බවට පත් කළේ නැහැ. එය ඉතා සාමාන්‍ය දෙයක් කළා.” ඔහු එහි සම්පූර්ණ ගෞරවය අයිශ්වර්යාට ලබා දුන් අතර, “ඇය මට එළියට ගොස් මගේ චිත්‍රපට කිරීමට ඉඩ දෙන අතර ඇය ආරාධ්‍යා ගැන බලා ගන්නවා” යැයි පවසනවා.

ආරාධ්‍යා ‘බලහත්කාරයෙන්’ චිත්‍රපට නරඹන්නේ නැති බව පැවසූ අභිෂේක්, ඇය තමාගේම විනෝදාංශ කිරීමෙන් සතුටට පත්වන බවද පැවසුවා. ඔහු පැවසුවේ, “ඇගේ ප්‍රියතම චිත්‍රපටය කුමක්දැයි ඇයගෙන් ඇසීමට මට අවශ්‍ය නැහැ, මන්ද මට ඇගෙන් කුරිරු නමුත් අවංක පිළිතුරක් ලැබෙන්නට පුලුවන්. එය අසන්නට මම සූදානම් යැයි මම සිතන්නේ නෑ. ”

සමාජ මාධ්‍යවල ආරාධ්‍යා ගැන කතා කරන අයට ඒ සඳහා ඉඩ නොදීම ගැන කතා කරමින් අභිෂේක් පැවසුවේ, “ දුව ගැන අසත්‍ය දේ සාකච්ඡා කිරීමට මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඉඩ දෙන්නට බෑ. මායිමක් ඇඳිය ​​යුතු යැයි මට හැඟේ නම්, මම එය අඳිනවා.”

පසුගිය දිනක යූ ටියුබ් නාලිකාවකට එරෙහිව දිල්ලි මහාධිකරණයට ගොස් නීතිමය පියවර ගන්නට ආරාධ්‍යා සහ දෙමාපියන් කටයුතු කළා. ඇයගේ සෞඛ්‍ය සහ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඒ නාලිකාව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම මෙම චෝදනාවට හේතුවයි. භච්චන් පවුලේ ඉල්ලීම වූයේ  විවිධ ආයතන දහයකින් පළ කළ ආරාධ්‍යාට අදාළ සියලුම වීඩියෝ ඉවත් කර අක්‍රිය කරන ලෙසටයි.

කෙසේ නමුත් දරුවෙක් බලහත්කාරයෙන් තමන්ගේ ක්ෂේත්‍රයට ඇතුළු කර ගැනීමට ක්‍රියා නොකිරීමත් තමන්ගේ පවුල ප්‍රසිද්ධ කණ්ඩායමක් නිසා ඒ සම්බන්ධයෙන් ඉහළින් සිතීමට ඉඩ නොදීමත් සම්බන්ධයෙන් ඓශ්චර්යාට සහ අභිෂේක්ට ප්‍රසංසාව හිමි විය යුතුමයි. තරු දරුවන් සම්බන්ධයෙන් සිතූ අයුරින් ඕපාදූප පළ කරන්නට අයිතිය ඇතැයි සිතන මාධ්‍ය ද පාඩමක් ඉගෙන ගන්නට උවමනා වන්නේ දරුවෙකුට නිදහසේ වැඩීමට ඉඩ දීමේ පාඩම ඔවුන් ඉගෙන ගන්නට උවමනා නිසාමයි.

ආරාධ්‍යා අත්තම්මාට ද අම්මාට ද වඩා දක්ෂ රංගන ශිල්පිනියක වෙනවාද යන්න ගැන දෙමාපියන් තීරණය නොකරන බව පැහැදිලියි. එය කාලය සහ ඇය විසින්ම තීරණය කරාවි!

Related Articles

Don't Miss


Latest Articles