නිල් චිත්‍රපටිවල ඇති දේ බිරිඳගෙන් බලාපොරොත්තු වූ සැමියෙක්

(මනෝ උපදේශක කේ.එන්. මධුසංක මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

ආදරය විවාහයෙන් අනතුරුව මිය යන බව සාරදාට වැටහෙන්න ගත්තේ විවාහයෙන් දෙවසරක් පමණ ගෙවෙනකොට. ඇය චතුරට ආදරය කරන්නට අරගෙන සෑහෙන කාලයක්.

“මාරම ගැළපීමක් තියන කපල් එකක්.”

ඔවුන් දෙදෙනා දකින ඕනෑම කෙනෙක් එහෙම කියන්නේ ඔවුන් ඒ තරමටම ගැළපෙන නිසා. එහෙත් මේ ආදරය ක්‍රමයෙන් ගෙවී යන බව සාරදාට දැනෙන්නට පටන් අරන් තිබුණා.

“ඔයාව මට පොඩ්ඩක්වත් දැනෙන් නෑ සාරදා. ඇත්තටම ඔයාව කිසිම විදියකට ෆීල් වෙන්නේ නෑ.”

එහෙම කියන්නට චතුර වග බලා ගන්නකොට සාරදාට දැනුණේ ලෝකයම තමන්ගේ පාමුල කඩා වැටුණු බවක්. ඔවුන් අතර කිසිම ලිංගික සම්බන්ධයක් ඇති වූයේ නෑ.ඔවුන් දෙදෙනාම වගකිය යුතු මට්ටමේ රැකියා කරන බුද්ධිමත් යුවළක්. ජීවිතය මේ වේදනාවෙන් අත් හැරෙන්නට පෙර මනෝ උපදේශනය ලබා ගන්නට අවසානයේදී සාරදා තීරණය කළා.

ඔවුන් ප්‍රේම කරන කාලයේ ඔවුන් අතර පුළුල් ලිංගික සම්බන්ධතා ඇති වූ තිබුණේ නෑ. අතිශය සරල සංසිද්ධි පමණක් සිදු වී තිබුණා. නමුත් ඔවුන් Video calls හරහා ලිංගිකත්වයට අදාළ කතාබහ රැගෙන ගොස් තිබුණා. එහෙත් ඒවාට චතුර යොමු වුණත් සාරදාගෙන් එයට ලොකු අනුබලයක් ලැබී තිබුණේ නෑ. චතුරට මීට කලින් තිබුණු ප්‍රේම සම්බන්ධතාවයන්වලදී සාර්ථක ලිංගික සම්බන්ධතා තිබී තිබුණා. ඔහු ඒ ගැන නොසගවා බිරිඳට පවසා තිබුණා. නමුත් සාරදාගේ පළමු සම්බන්ධතාවය චතුර වුණා.නමුත් සාරදා ලිංගික කටයුතු අප්‍රිය කරේ නැහැ.ඕනෑම නීරෝගී පුද්ගලයෙකුට මෙන්ම ඇයට ද ලිංගික ආශාවන් තිබුණා. ලිංගිකත්වය ගැන චතුර සමඟ කරන කතාබහේදී ඇය විවිධ ෆැන්ටසීන් පවා ඇති කරගෙන තිබුණා.

විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන් නිදහසේ ලිංගික ජීවිතය ගත කර තිබුණා. නමුත් ඒ සබඳතා තුළදී චතුර තෘප්තිමත් වුණට් සාරදා ඉන් තෘප්තිමත් වී තිබුණේ නෑ. සැබෑවටම ඇය සුරාන්තය කියන්නේ මොකක්ද කියන දේවත් වටහාගෙන තිබුණේ නෑ. ඇය ස්වයං වින්දනය කරන්නට දන්නේ ද නෑ.කාන්තාවක් එහි නිරත වන ආකාරය ගැන සාරදාට දැනුමක් තිබී නෑ.

“මට ඒ ගැන කිසිම දැනුමක් නෑ. චතුරගෙන් ඒක කරන හැටි අහන්නත් ලැජ්ජා හිතුණා”

සාරදා මනෝ උපදේශකවරයාට එසේ පැවසුවා.

විවාහයෙන් මාස ගණනක් තිස්සේ ඔවුන් ඈත් වී ජීවත් වී තිබුණා.ඒ ඔවුන්ගේ රැකියා ස්ථාන ඉතා දුර බැහැර පැවතීමයි.

“අපිට දැන් බබෙක් හදන්න කාලේ ඇවිල්ලා නේද?”

එහෙම හිතමින් සාරදා දරුවෙක් ගැන උනන්දු වෙන්නේ ඔය කාලයේදී. නිවාඩු දින වලදී ඔවුන් අතර ලිංගික් සබඳතා ඇති කරගන්නට සාරදා උත්සාහ දැරුවත් චතුරගෙන් එයට කිසිම අනුබලයක් නෑ. බිරිඳගෙන් තෘප්තිමත් වනවාට වඩා ඔහු ස්වයං වින්දනයට ඇබ්බැහි වී සිටි අතර වැඩිහිටියන්ට වෙන් වූ වෙබ් අඩවිවල වීඩියෝ බලමින් ස්වයං වින්දනය කරන ආකාරය සාරදා කිහිප වරක්ම දැක තිබුණා.

“එයාට මං ඉන්නකොටත් එයා මොකටද වීඩියෝ බලන්නේ? ස්වයං වින්දනය කරන්නේ?”

සාරදා එය සිතමින් බොහෝ වේදනාවට පත් වුණා. ඇය තමන්ගේ රූපය ගැන පවා විස්සෝප වන්නට ගත්තා.

ස්වයං වින්දනය කාන්තා සහ පිරිමි දෙගොල්ලන්ටම පොදු දෙයක්. ලිංගිකත්වය කිසිම අයුරකින් නොපැමිණෙන අල්පයක් පිරිස හැරුණම අනිත් ඕනෑම කෙනෙකුට ලිංගික හැඟීම් මතු වීම ස්වභාවික දෙයක්. ඒ අය අතර ස්වයං වින්දනය ඉතාම සාමාන්‍ය දෙයක්.නමුත් මේ ක්‍රියාවට කාන්තාවන් යොමු වීම ඉතාම අකැප බව අපේ රටවල මතයක් තිබෙනවා. නමුත් ස්වයං වින්දනය ආතතිය අඩු වීමට, හොඳ නින්දක් ලබා ගැනීමට පවා හේතුවක්. පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයම නිල් චිත්‍රපටි බලන එකත් හරිම ස්වභාවිකයි. නමුත් ඒවාගේ තිබෙන ආකාරයටම ලිංගික හැසිරීමක නිරත වන්නට අපිට බෑ. ඒවාගේ කාලය පවා අපිට නොගැළපෙන්න පුලුවන්. ඕනෑම දෙයකට පුරුදු වෙනකොට එය වඩා හොඳින් කරන්න පුලුවන්. ලිංගික ක්‍රියා ද එහෙමයි. ඒ නිසා ලිංගික සබඳතා පටන් ගත් අලුත ඒවා පැය ගණන් කළ හැකි බව සිතීම මිථ්‍යාවක්. නිල් චිත්‍රපටියක් දින කිහිපයක් රූගත කළ බව සිතන්නේ නම් ඇත්තටම යහපත්. 

චතුරට සහ සාරදාට  ඒ කරුණු වටහා දීමෙන් පසු ලිංගිකත්වය ගැන ඔවුන්ට තිබුණු වැරදි අවබෝධ දුරස් වී ගියා. චතුර ස්වයං වින්දනය කිරීම ගැන සාරදා නැවත කෝප වූයේ නැහැ.සාරදාට නිල් චිත්‍රපටි නිළියන් මෙන් හැසිරීම අපහසු බව චතුර ද තේරුම් ගත්තා.

සැබෑ ලෝකය පවතින්නේ අප චිත්‍රපටි හෝ නිර්මාණ වලින් දකින ලෝකයට මෙපිටින්. එය තේරුම් ගැනීමම සතුටින් ඉන්නට හේතුවක්.

(ඔබට Online උපදේශනය ගාස්තු සහිතව ලබා ගන්නට 077 9077094 අංකයෙන් කේ.එන් මදුසංක මහතා සම්බන්ධ කර ගත හැකියි)

Related Articles

Don't Miss


Latest Articles