මිනිස්සු කියන්නෙ හරියට කතා බහ කරන අයනෙ. සන්නිවේදනය එහෙම නැත්තම් Communication කියන්නෙ යහපත් සබඳතාවයක් පවත්වාගෙන යන්න වගේම මානව සංහතියේ යහපැවැත්ම උදෙසා ඉතාම වැදගත් දෙයක් බව අපි දන්නවා.
ඒත් නිකමට හිතල බලන්න, හදිසියේ හරි අපිට අපේ ජීවිත බේරගන්න සද්ද නොකර මුලු ජීවිත කාලයම ගෙවන්න උනොත් කියල?
ඉතින් ඔන්න අද කතාව තමන්ගෙ ජීවිත බේරගන්න කිසිම සද්දයක් නොකර ඉන්න වුන කාලයක් ගැන කියවෙන හරිම අපුරු චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයෙ නම A Quiet Place.
A Quiet Place කියන්නෙ John Krasinski විසින් අධ්‍යක්ෂණය කරපු 2018 ආව ඇමරිකානු පශ්චාත්-අපෝකැලිප්ටික් ත්‍රාසජනක චිත්‍රපටයක් . තිර රචනය ස්කොට් බෙක් සහ බ්‍රයන් වුඩ්ස් මෙයාලගෙ හිතේ ඇතිවෙච්ච කතාවකින් ලියවුන එකක්. කතාව ගෙතී ඇත්තේ මවක් ( එමිලි බ්ලන්ට් ) සහ පියා (ක්රැසින්ස්කි) තම දරුවන් ( මිලිසන්ට් සිමන්ඩ්ස් සහ නෝවා ජුප් ) අන්ධ හැබයි මාරම හොඳ Hearing Ability එකක් තියෙන පිටසක්වල ජීවීන් වාසය කරන පශ්චාත්-අපෝකැලිප්ටික ලෝකයක ජීවත් වීමට කරන අරගලය වටා.
ඉතින් වැඩි විස්තර නැතුව අපි චිත්‍රපටයෙ වෙන්නෙ මොකද්ද කියන දේ ගැන කතාකරමු නේද?
මේ චිත්‍රපටයෙ පෙන්වන ලෝකය තමන් යටතට අරගෙන තියෙනව පිටසක්වල ජීවින් කොටසක් විසින්. අපි සාමාන්‍යයෙන් පිටසක්වල ජීවින් ගැන තියෙන කතාවලට ආස උනාට මේ කතාවෙ ඉන්න පිටසක්වල ජීවීන් නම් ආශ්‍රයට නුසුදුසු වර්ගයේ අය කියල මුලින්ම කියන්න ඕන. මේ පිටසක්වල ජීවින් අන්ධයි. හැබැයි ඒ අන්ධ කම කැපිල යන්නත් එක්ක එයාලට දීල තියෙනව මාරම හොඳ Hearing Ability එකක්. ඕනම පොඩි සද්දෙයක් උනත් ඇහෙන ලෙවල් එකේ සුපිරි Hearing Ability එකක්. එයාලට ඒක සුපිරි උනාට මෙයාලගෙ අත් අඩංගුවෙ ඉන්න මිනිස්සුන්ට නම් මේක ජීවිත කෙලවර වෙන මාරක උගුලක් වගේ දෙයක් වෙලා තියෙනවා.
ඇබට් පවුලෙ ඉන්නෙ අම්මා එව්ලින්, තාත්තා ලී, බිහිරි දියණිය රේගන් සහ පුතුන් වන මාකස් සහ බියු. මෙයාලා නිව් යෝර්ක් නගරයේ කැලයක් මැද්දෙ එයාලගෙ හුදකලා ගොවිපලේ තමයි ජීවත් වෙන්නෙ. සද්ද කරොත් ජීවිත නැතිවෙන හන්ද මෙයාලා ජීවත්වෙන්නෙ ඇමරිකන් සංඥා බාශාවෙන් කතා කර කර. ඒ වගේම ඇවිදිනකොට වේලිච්ච කොල පෑගිල එන සද්ද වලින් බේරෙන්න මෙයාලා බිමට Sand bags දාලා තියෙනව සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්න.
කැලේ ඇතුලෙ ජීවත් උනත් ජීවත්වෙන්න ඕන කරන බඩු හෙම ගන්න මෙයාලට නගරයට යන්න වෙනවා. නගරය තමයි ඔක්කොටම වඩා බයානක. ඉතින් දවසක් මෙහෙම නගරෙට ගියාම මෙයාලගෙ පුතා බියු දකිනව Space shuttle සෙල්ලම් බඩුවක්. පොඩිකමට මේ දරුව අහනව එයාට ඒක ගන්න පුලුවන්ද කියල. සෙල්ලම් බඩුවක් උනත් මේකෙන් නැගෙන සද්දෙ තමන්ගෙ අවසානයට හේතුවෙන්න පුලුවන් හන්දා තාත්තා ලී කියනව අපිට ඕක අරගන්න බෑ කියල. මෙයාලා ආයෙ යන්න හදද්දි රේගන් හැමෝටම හොරෙන් බියුට ඒ සෙල්ලම් බඩුව අරගෙන දෙනවා. හැබැයි ඒ බැටරි නැතුව. එතකොට ඒක වැඩ කරන්නෙ නැති නිසා සද්දෙකුත් නැති නිසා. හැබැයි කාටවත් නොපෙනෙන්න සෙල්ලම් බඩුවට බැටරි ගන්න බියුට පුලුවන් වෙනවා. ගෙදර යන අතරවාරේ පොඩිකමට ආසාවට බියු සෙල්ලම් බඩුවට බැටරි දාලා ඒක ක්‍රියාත්මක කරනව.
සද්දෙ එන්න පටන් ගත්තම තමා දෙමව්පියන්ට තරු පේන්නෙ.දරුවව බේරගන්න ලී ලඟට යන්න කලින් ඒ අවාසනාවන්ත සිද්දිය වෙනවා. බියු ලඟට එන පිටසක්වල ජීවියෙක් බියුව මරලා දානවා.
බියුගෙ මරණයෙන් මාස කීපයකට පස්සෙ අපිට පේනව එව්ලින් ආයෙ ගැබිණියක් වෙලා වගේම මෙයාලගෙ ජීවිතත් ආපහු තිබ්බ වගේම සාමාන්‍ය වෙලා. මාකස් දවසක් අකමැත්තෙන් එයාගෙ තාත්තා එක්ක මසුන් අල්ලන්න යනව. තමන්ට යන්න බැරි නිසා රේගන් බියුගෙ සොහොන ලඟට යනවා. මේ වෙලාවෙම තමා එව්ලින්ට ප්‍රසූත වේදනා එන්නෙ. ඒත් මොකෝ කෑගහන්න පුලුවන් කියලද?
කොහොමහරි අමාරුවෙන් පල්ලෙහ තට්ටුවට යන එව්ලින්ගෙ අතින් වැරදිල පින්තූරයක් බිමට වැටෙනව. ඒ සද්දෙට පිටසක්වලයො මෙයාලගෙ ගෙදරට එනවා. තමන් අනාරක්ශිත බව පෙන්වන්න එව්ලින් ගේ වටේටම තියෙන විදුලි පහන් රතු පාටට පත්තුවෙන්න ස්විච් එකක් දල්වනවා.
එව්ලින් මේ හැමදේම කරන්නෙ ප්‍රසූත වේදනාව බොහොම අමාරුවෙන් දරාගෙන.හැබැයි පිටසක්වලයන්ගෙන් එයාට ගැලවීමක් නෑ. කොහොමහරි ගෙදර අනාරක්ශිත බව දකින රේගන් ආපහු ටක්ගාල ගෙදරට එනවා. මාකස් සහ ලී අපහසුවෙන් එව්ලින්ව පරිස්සම් කරගෙන එයාට දරුවව බිහිකරන්න ඉඩ හදල දෙනවා.
මෙයාල හැමෝම ආරක්ශා වෙන්න ගෙදර බිම් මහලෙ හැංගිල ඉන්නෙ. සද්ද කරන එක ජිවිතේට අනතුරක් බව දන්නෙ වැඩිමහල් මිනිස්සු විතරයි.
අලුතෙන් ඉපදුන පොඩි දරුවා ඒක දන්නෙ නෑ. එයාගෙ ඇඬිල්ල පිටසක්වල ජීවින්ට කියනව මෙයාලා හැංගිල ඉන්න තැන ගැන.
ඉතින් මොකද හිතන්නෙ මේ දරුණු පිටසක්වලයන්ගෙන් තමන්ගෙ අලුත ඉපදුන දරුවව බේරගන්න, එක දරුවෙක්ව දැනටම නැතිකරගෙන ඉන්න එව්ලින්ට පුලුවන් වෙයිද?
ඉතින් මේ චිත්‍රපටය පුරාම තිගැස්මක්, කුතුහලයක් වගේම බයක් ප්‍රේක්ශකයගෙ හිත අස්සෙ තියෙන බව කියන්නම ඕන. ඉතින් ඒ බය, කුතුහලය, තිගැස්ම එක්ක උනත් බලන්න අපුරු මේ A quiet place කියන චිත්‍රපටය ඔයාලට Amazon Prime ඔස්සේ බලන්න පුලුවන් කියල අන්තර්ජාලයේ සඳහන් වෙනවා.
ඒ වගේම මේ චිත්‍රපටය Netflix වලත් තියෙනවා.
ඉතින් මොකටද පරක්කු වෙන්නෙ? අදම මේ අපූරු චිත්‍රපටය බලල ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා!