fbpx

ලතෝනිගලින් අදටත් ඇසෙනා සියල්ල අහිමි කර ගත් ස්ත්‍රියකගේ වේදනාවේ දෝංකාරය

කුවේණිය

මෙරටට සංක්‍රමණය වූ විජය කෙරෙහි පෙමින් බැඳී , සිය සනුහරය පාවා දී විජයට රාජ්‍යය දිනා දුන් ඇය , විජය ට දාව දරුවන් ද ලද පසු භාරතීය බිසවකගේ ආගමනය හේතුවෙන් විජය විසින් පන්නා දමනු ලැබුවා. දරුවන් ද රැගෙන මගට වන් කුවේණිය යළි සිය සනුහරය සොයා ගියා. සනුහරයම විනාශ කළ බවට චෝදනා ලද ඈ සිය නෑ සියන් ගෙන් ම අපමණ පීඩාවන්ට ලක් වූවා. දරුවන් ගේ දිවි බේරා කැලයට පන්නා යවා ලතෝනිගල දී විජය ඇතුළු රාජකීය පරම්පරාවටම ශාප කළ ඈ වෛරයෙන් දැවෙමින් මිය ගියා.

මේ අපි දැනටමත් විශ්වාස කරන , අපි ඉගෙනගෙන තිබෙන ඉතිහාස කතා ජනප්‍රවාද අනුව කුවේණිය ගේ කතාවයි.එහෙත් කුවේණිය කියන්නේ මෙසේ ප්‍රේමයෙන් අන්ධ වී සිය සනුහරය පාවා දී විදේශිකයෙකුට රාජ්‍යය භාර කරන්නට තරම් බොළඳ කාන්තාවක් කියා සිතිය හැකි ද? විජය එන්නට පෙර ඇය ගේ සමාජ තත්වය, ඇගේ පෞරුෂය , ඇගේ පිරිස් බලය , ඇයගේ හැකියාවන් , දක්ෂතාවන් ගැන මෙතක් සාකචඡා වී තිබේ ද? එහෙනම් , මෙතෙක් ඇසූ කුවේණියගේ කතාව වෙනත් කෝණයකින් අසමු…

කුවේණිය කියන්නේ කවුද?

ඇය ලංකා ඉතිහාසයේ පැවති රෙදිපිළි කර්මාන්තයේ ප්‍රධාන සාක්ෂියයි.වංශ කතා අනුව විජය ලංකාවට පැමිණෙන විට ඈ සිටින්නේ කපු කටිමින් ය. ඇය ජීවත් වූයේ වන්නි තම්මැණ්ණාව, එනම් එවකට කපු නිෂ්පාදනය සිදු කළ ප්‍රත්‍යන්ත ජනපදයේ නායිකාව ලෙසයි.එමෙන් ම ඇය රාජ්‍ය පාලනය සහ වෙළඳ කටයුතු භාර පාලක පන්තිය නියෝජනය කළ යක් පරපුරේ නායකයාගේ දියණියයි.. ඇයට සිටියේ පිරිමි සහෝදරයින් පමණයි .උප රාජ්‍යයන් ගණනාවක් පැවති එකළ ප්‍රධාන රාජ්‍යය හා අගනගරය වූයේ ද තම්මැණ්ණාවයි.

තම්මැණ්ණාව ප්‍රධාන වෙළඳ නගරයක් සේම එවකට අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් ද වනවා.කපු වගාව ,කපු නිෂ්පාදනය ,රෙදිපිළි නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කෙරුණු මෙම යුගයේ දී සේද මාවත හරහා විදේශයන්ට කපු රෙදි පිළි රැගෙන ගිය බවට ඉතිහාසයෙන් සාක්ෂි හමුවනවා.

ඒ අනුව කුවේණිය මෙකළ මෙම කපු කර්මාන්තය, නිෂ්පාදන ක්‍රියාවලිය භාරව කටයුතු කළ වෙළඳ පාලිකාවක් වශයෙන් ද හැඳින්විය හැකියි.වර්තමානයේ දී මෙන්ම එවකට ද මෙරට ප්‍රධන විදේශ විනිමය මාධ්‍යය වී ඇත්තේ රෙදි පිළි කර්මාන්තය බවට හොඳම සාක්ෂිය සපයන්නේ කුවේණියගේ යුගයයි.

කුවේණිය නම් ව්‍යවසායිකාව / පාලිකාව

හුදෙක් දළ රෙදි පිළි වියමනෙන් එහා ගිය රෙදි පිළි වර්ණ ගැන්වීමේ තාක්ෂණය සහ දැනුම ද ඇය සතුව පැවති බවට සාක්ෂි හමු වනවා. උදාහරණයක් විදියට මෙම ඉතිහාස මූලාශ්‍ර අනුව ඇය කපු කටින කාර්යයේ නියැලී සිටියදී සුදු , නිල් , රතු , කළු සහ රන්වන් පැහැයෙන් නූල් වර්ග පැවති බව සඳහන් වන අතර ඒ අනුව වර්ණ සංයෝජනය සහ වියමනේ අලංකරණය පිළිබඳවද මනා දැනුමක් ඔවුන් සතු වූ බවත් , වර්ණ රෙදි පිළි භාවිත කළ බවත් පැහැදිලි වනවා.

රෙදිපිළි සම්බන්ධ අන්තර්ජාතික සබඳතා පැවති මෙම යුගයේ විදේශික වෙළඳුන් , වෙළඳ ප්‍රභූන් සමඟ සෘජුව ගනු දෙනු කළ වෙළඳ නායිකාව ඇයයි.විශේෂයෙන් ම ඇයට පුද්ගලයන් දුටු පමණින් ඔවුන්ගේ තාරාතිරම හඳුනාගන්නට තරම් පලපුරුද්දක් පැවති බවට හොඳම සාක්ෂිය වන්නේ වංශ කතා වල සඳහන් වන පරිදි විජය දුටු අවස්ථාවේ ඔහුට “රාජ පුත්ත” නමින් කළ ආමන්ත්‍රණයයි. රාජ පුත්ත හෙවත් රාජ කුමාරයා යන නමින් ඔහු දුටු පමණින් අය ඔහු කවරෙක් ද යන්න වග හඳුනාගන්නේ සිය ප්‍රභූ පාරිභෝගිකයින් සහ ව්‍යවසායකයින් සමඟ කටයුතු කිරීමේ පුහුණුව නිසා බව සිතිය හැකියි.

ඒ වගේම මෙසේ විදේශයකින් පැමිණි අයත් සමඟ සන්නිවේදනය කිරීමට නම් ඇයට හොඳ භාෂාඥානයක් තිබිය යුතුමයි. විශෙෂයෙන් ම අන්තර්ජාතික වෙළඳ කටයුතු කිරීමේදී භාෂා දැනුම අත්‍යාවශ්‍ය බව අදටත් වලංගු කාරණාවක්. මේ අනුව කුවේණිය යනු සාමාන්‍ය කාන්තාවක් නොව ඉහළ විධායක නිලයක් දැරූ පාලිකාවකගේ භූමිකාවට පණ පෙවූ වනිතා නායිකාවක් ලෙස හඳුනාගන්නට පුළුවන්.

කුවණ්ණා

ඇතැම් අවස්ථා වල කුවේණිය “කුවණ්ණා” යන නමින් ද හඳුන්වා තිබෙනවා. මනහර කේශ කලාපයක් සහිත කළු ගහැනිය ලෙස ඈ හඳුන්වනු ලැබුව ද , මෙහි අරුත අනුව පැහැදිලි වන්නේ ඇයට “නීතිය “සම්බඳ කරුණු කාරණා ගැන අවබෝධයක් තිබුන බවයි. “වණ්ණකු” නමින් හැඳින්වුණ වෙළඳ නීති , භාණ්ඩ හුවමාරුව පිළිබඳ නීති , වානිජ නීති, මුදල් හුවමරුව සම්බන්ධ නීති ආදිය පිළිබඳව ඇය කටයුතු කළ බවට මෙම නාමය උදාහරණයක් වනවා.

එමෙන් ම ඇය යටතේ විශාල සේවක පිරිසක් කටයුතු කඇළ් බවට විජයාගමනය කත පුවතින් මෙන් ම ඇයගේ පවුල් පසුබිම සහ දේශපාලන පසුබිම අනුව ද අදහසක් ලබා ගත හැකියි.

විශේෂයෙන් ම විජය ලංකාවට ගොඩ බැසීමෙන් පසු ඔහුගේ හත්සියයක් පිරිස රට අභ්‍යන්තරයට ඇතුල් වීමේදී කුවේණියට මුණ ගැසුණු බව ඉතිහාස කතාවේ සඳහන්.ඇගේ මායාකාරී කටයුතු පිළිබඳ ජනප්‍රවාද පසෙක ලා මේ ගැන සළකා බැලුව හොත් , රටකට ඇතුල් වීමේදී නෛතික අවසරයක් නොතිබුණු මොවුන් ව අතඩංගුවට ගෙන සිරගත කිරීමේ අධිකාරී බලයක් ඈ සතුව පවති බවට තවත් සාක්ෂි අනවශ්‍යය. හත්සියයක පිරිසක් සිරගත කිරීම සඳහා ඇය යටතේ සිටි පිරිස් බලය කොපමණ ද යන්නද වටහා ගැනීම අපහසු නැත.

විජය හමු වීම

සිය පිරිස සොයා පැමිණි විජය ට කුවේණිය මුණගසෙද්දී ඔහු භාරතීය රාජ්‍ය පෙළපතකට අයත් කුමාරයෙක් බව හඳුනාගත් ඇය ඔහුගේ ආගිය තොරතුරු විමසා ඔහුගේ පිරිස නිදහස් කරණු ලබන්නේ නැවත් එවන් අනවසර අතුල්වීම් සඳා අවසර නොමැති බව පහදා දෙමිනි. අවසානයේ ඇය විජය සමඟ අති කරගන්නා සංවාදය අවසන් වන්නේ ඔහු හා අති කරගන්නේ දේශපාලනික ගිවිසුමකිනි.

වෙළඳ කටයුතු පාලනයෙන් එහා ගිය දේශපාලනික දැක්මක් කුවේණිය සතු විය. පිරිමි සහෝදරයින් රැසක් නායක්ත්වය සඳ පෙළගැසී සිටිය ද නිසඟයෙන් ම කුවේණිය ට උරුමව තිබුඑ වානිජ ගනුදෙනු සම්බන්ධ බුද්ධිය මෙන් ම දේශපාල ඥානය ද ඇය මෙතැන දී මනා ලෙස පාවිච්චි කළා ය.වෙනත් රටකින් පන්නා දැමුඑ රාජ කුමාරයෙක් වූ විජය සතු පිරිස් බලය ද අවියක් කොට ගනිමින් , ඔහුට රාජ‍යය ලබා ගනීමට උදව් කරන බවටත් ඔහු, පසුව තමාව අග බිසොව බවට පත් කල යුතු බවටත් ගිවිස්සාගෙන ඇය විජය හා දේශපාලනිකව “ගිවිසුම්ගත විවාහයකට” එළඹෙනව. මහනුවර යුගයේ බහුලව දකිය හැකි ගිවිසුම්ගත විවාහ වලට පසුබිම වන ලංකා ඉතිහාසයේ පැරණිම ගිවිසුම්ගත විවාහය වන්නේ ද විජය – කුවේණි විවාහයයි.

විජය නැමති සංක්‍රමණිකයා රාජ කුමාරයෙක් වුවත් ඔහුව සිය අරමුණ වෙනුවෙන් හසුරුවාලන්නට තරම් ඇය ශක්තිමත් පෞරුෂයක් සහිත කාන්තාවක් බව නොකිවමනාය. යක් නායකයින් සහභාගී වූ මධුපානෝත්සවයක දී කල් යල් බලා සතුරා අඩපණ වූ තැන දී අනපේක්ෂිත ප්‍රහාරයක් සැලසුම් කිරීමේ යුධ ඥානය කුවේණියගේ බව අදටත් නොරහසකි. වෙළඳ කටයුතු ද , රාජ්‍ය පාලනය ද , නීතිය ද යුධශිල්පය ද මනාව ප්‍රගුණ කළැ ඇයගේ ප්‍රබලතම අරමුණ වූයේ ලංකා රාජ්‍යයේ රැජිණ වීමයි.

ඒ අනුව රාජ්‍යයක් පවත්වාගෙන යාමේ බලය ගැන මනා අවබෝඅධයක් තිබුණැ ඇය විජය සමඟ අවබෝධයෙන් යුක්ත ගනුදෙනුවක් සිදු කරමින් අගේ අරමුණට සාර්ථක අඩිතාලමක් දමන්නට සමත් වූවා.සිය සැලසුම් අතිසාර්ථක කරගනිමින් විජයට රාජ්‍යය දිනා දී එහි අගබිසව / රැජිණ බවට පත්වීමේ සිහිනය ඇය විසින් සඵල කරගනු ලබුවා.

කුවේණියගේ අරමුණු සාර්ථක කරගත්ත් ද , දරුවන් ද ලද පසු විජය ඇය හා එකඟ වුඑ ගිවිසුම කඩ කිරීම හේතුවෙන් අප දන්නා අවසනාවන්ත ඉරණම අයට හිමි වනවා. ලෝකයේ අදටත් වංචනික පිරිමින් නිසා ජීවිතය විනාශ වූ ස්ත්‍රීන් අතරට කුවේණියට එක් වන්නට සිදු වන්නේ විජයගේ රාජ්‍ය බල ලෝභීත්වය හා ඔහු ගේ ව්ංක ප්‍රතිපත්තීන් නිසා ය. කුවේණිය සතු බලය , ඇගේ ව්‍යාපාර, ආදිය සම්බන්ධ සියලු දැනුම උකහා ගත් පසු ඇයව පන්නා දැමීම ගහැණියකට සිදුකරන පරම අතවරයක් ලෙස හැඳින්විය හකියි.

කුවේණියගේ ශාපය ලෙස හඳුන් වන්නේ ඇය විජය ට කළ අභියෝගයයි. ඔහුගේ පරපුරට කළ අභියෝගයයි. අතීතයේ සිටම භාරතීය සම්බන්ධතා නිසා ල්ංකා දීපයට සිදු වූ අවැඩ අදටත් සිඩු නොවන්නේ යැයි කිව නොහක. අවංක ගැහැණියකට ලබා දුන් වේදනාවේ දෝංකාරය අදටත් ලතෝනිගලින් අසෙන බව ජනශ්ර්‍අතියේ කියැවෙන අතර , කුවේණිය නිසා විජයගේ පරපුරට වැළඳුණු දිවි දිස ඔවුනට විනයක් වුවත් ඇගේ ශාපය ලක් මවට ආශිර්වාදයක් විය.

කුවේණියගේ ශාපය නිසා ලක්මවට උඩරට නැටුම් කලාව ද , කංකාරි ශිල්පය ද, කුවේණිය හා බැඳුණු වටිනා අභිචාර නිධන්ගත වුඑ අභිමානවත් නර්තන කලාවක උරුමය අපට දායාද කර ඇත.

ඇගේ පරාජය පසෙක ලා කුවේණිය නම් වනිතාව ගන සිතා බැලුවහොත ,ඇය ලංකා සමාජයේ පුරෝගාමී සේවාවක් කළ අභිමානවත් කාන්තා පෞරුෂයක් ලෙස හඳින්විය හැකි ය.

භාග්‍යා අබේසේකර
ජනශ්‍රැති ලේඛිකා / පර්යේෂිකා

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x