(අ)හිමි සිහින -39

අසංකගේ අම්මා එක්ක ජීවත් වුණේ අවුරුදු හතක් විතරක් වුණාට ඇගේ අවසාන කාලයේ දී ඇය වඩාත් හොදින් තේරුම් ගත්තේ සහ ඇය ගැන වඩාත් කැප වුණේ මම කියලා පවුලේ උදවිය පවා අදටත් කියනවා.මම කොළඹ ඉදිද්දී කතාවක් අසංකගෙන් දුරකථන ඇමතුමක් එනවා.

“අපි කොළඹ මේ ප්‍රයිවට් අහන දේවල් වලට උත්තර දෙන්න අපි දන්නේ නැහැ ඩොක්ට අහන දේවල් වලට උත්තර දෙන්න අපි දන්නේ නැහැ.ඔයානෙ අම්මා ළඟ හිටියෙ.අනූ,ඔයාට කරදරයක් නැත්තං පොඩ්ඩක් මෙතෙන්ට එනවද?

ඇගේ දරුවන්ටත් වඩා ඒ ගැන මට දැනුමක් තිබුණෙ අම්මා එක්කම හිටපු නිසා වෙන්න ඇති.

කොහොමහරි ඇගේ නික්ම යාම මගේ ජීවිතය විශාල හිඩැසක් ඉතුරු කරපු බව නොකියාම බැහැ.

මම ඊට පස්සේ නුවර යාම අඩු කළා.මම එනපොට හරි නැති බව අසංකට තේරෙන්න පටන් ගත්තා.අපේ කසාද ජීවිතය නොපවතින බවත් මම ඉන් මිදී එන්නට සූදානම් බවත් ඔහු තේරුම් ගත්තා.අපි අතර පොඩි පොඩි මත ගැටුම් ඇති වෙන්නට පටන් ගත්තා

“දික්කසාද වෙලා නිකං ඉමු. මේක මෙහෙම කරන්න බෑ..”

සංවාදයක් අතරතුර ඒක විවාදයක් බවට පත්වෙනකොට මම අසංකට එහෙම කිව්වා.මේ කසාදය තව දුරටත් රැගෙන යාම තේරුමක් නැති බව ඔහුටත් හිතෙන්න ඇති.

separation

“මට ප්‍රශ්නයක් නෑ ඔයාට ඕනි දික්කසාද වෙන්නනම් ඒක කරන්න..”

අසංක මට පැරදෙන්නේ නැතුව එහෙම කිව්වා.මේ වචන ටික මම කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු වචන ටිකක්.මට සලකන්න වෙන නිසා මම එහෙම කියනව කියලා ඔහු හිතාවි කියන බයට මම ඒ වචන නොකියා අවුරුදු බර ගාණක් හිටියා.නමුත් තවදුරටත් සිටිය යුතු නැති බව මම තේරුම් අරගෙන හිටියේ.

“ඔයා දික්කසාද නඩුව දාන්න අනුරාධා”

අසංක බොහොම නිවීසැනසිල්ලේ මට එහෙම කිව්වත් මට ඒක කරන්න හිතුණේ නැහැ.මොකක්ද මම දෙන හේතු ඔහුට අනියම් සම්බන්ධතාවයක් තියා ගැහැණු කෙනෙක් එක්ක ළඟ කිට්ටුවන්ත මිත්‍ර සම්බන්ධතාවයක් වත් නැහැ.ද්වේශ සහගතව හැර ගිහිල්ලා නැහැ.ලිංගික බෙලහීනතාවය කියන කාරණාව නම් මතු කරන්න පුළුවන්.බොහොම මිතුරු කමින් හිටපු මගේ හොඳ මිත්‍රයා වුණු මනුස්සයට උසාවියකදී එහෙම අවමන් කරන්න පුලුවන්ද?

“දැන් මම නෙමේද ගෙදර දාලා ගිහින් තියෙන්නේ? කවුරුහරි මේක දාන්න ඕනේ අසංක.ඒ නිසා ඔයා දාන්න නඩුවක්. මම ද්වේශසහගතව හැර ගියා කියන්න.”

ඇත්තටම ඒ වෙනකොට මම ගෙදරින් පිටවෙලා ඉවරයි ඒ නිසා ඒ කාරණාව ඔස්සේ නඩුවක් දාන එක අසංකට ඇත්තටම කරන්න පුළුවන් දෙයක්.මම ඔහු හැර ගිහින් ඉවරයි කියන කාරනාව ඔහු හොඳින් දැනගෙන හිටියා.

දික්කසාද නඩුවක් දාලා සද්ද නැතුව ඉන්න පුළුවන් කමක් නෑ.මට ඒක මගේ අම්මටයි තාත්තටයි කියන්න ඕනේ වුණා.නොකියා ඉඳීම කරන්න විදිහක් නෑ.ලස්සනම වැඩේ නඩුවක් කියාගන්න මගේ අතේ සල්ලිත් නෑ ඒ නිසා එක අම්මයි තාත්තයි දැනගන්නම ඕනි.ඒ නිසා ඕන දෙයක් පොල්ලෙන් ගැහුවා වගේ කියන්න පසුබට නොවන මම ඒ තීරණය අම්මලට කියන්න ඇති.එහෙමද ඔයාලා හිතන්නේ? මම ඒක එයාලට ටිකෙන් ටික දැනෙන්න ඇරියා.

ඊට පස්සේ?

ජනප්‍රිය රියැලිටි වැඩසටහනක “let the battle begin” කියලා තරුණ නිවේදිකාව කෑ ගහන හැටි ඔයාල දන්නව නේද? අන්න ඒකම තමයි සිද්ධ වුණේ.සටන බොහොම ඉක්මනින් පටන් ගත්තා.

ඒ කතාව හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles